FOREX TRAINING

Chapter 01

අපේ ගොඩක් අය මගෙන් ඉල්ලනවා FOREX ගැන තියල දෙන්න කියලා. මටත් ඔය හරෙන් මෙහෙන් කියල දෙන එක අල්ලන්නේ නහැ. ඔක්කෝම මුල ඉදන් සරලව කියලා දෙන්න ඕන එක නිසා කලබල වෙන්නේ නැතිව සරලව  අපි ටිකින් ටික ඉගෙන ගනිමු. 

FOREX කියන්නේ මොකටද කියලා අපි මුල් පාඩමෙන් අවබෝධයක් ලබා ගනිමු

 අද අපි  Forex ගැන ඉගෙන ගන්න පටන් ගමු. ඇත්තටම මම FOREX  කරන්න කලින් හිතාගෙන හිටියේ FOREX  කියන්නේ ලේසි වැඩක් කියලා. වැඩ කරගෙන ගියා වැඩේ අසාර්ථක වුනා මට ‍විශාල මුදලක් අහිමි වුනා. එත් මම සැලුනේ නැහැ FOREX  ගැන හොයන්න පටන් ගත්තා. දන්න අයගෙන් මුදල් ගෙවලා දැන ගත්තා. මට තේරැණා FOREX  කියන්නේ දියුණු වෙන්න තියන එකම මග කියලා හරියට පරිස්සමෙන් කල්පනා කරලා වැඩ කලොත් දියුණු වෙන්න පුළුවන් කියලා මම වටහා ගත්තා. මේක ලොකූ භාවනාවක් බව මට පස්සේයි අවබෝධ වුනේ එතකොට පෙරහැර ගිහිාල්ලා ඉවරයි. කොහොම නමුත් දැන් මම හරියාකාරව වැඩේට බැහැලයි ඉන්නේ FOREX SIGNAL දෙන්න පුළුවන් තත්වයට ඇවිල්ලයි තියෙන්නේ ‍FOREX SIGNAL කියන සේ ඔයාලට තේරෙන්නේ නැතූව ඇති මම ඉදිරියේ දි පැහැදිලි කරලා දෙන්න.ම් මම SRI LANKA FOREX GROUP එක හැදුවේ අපේ රටේ අයට FOREX  ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දෙන්නයි .ඒ තුලින් ඔයලා ඔක්කෝම ධනවත්තු කරන එක තමයි SRI LANKA FOREX GROUP එකේ එකම අරමුණග මේ සියල්ලම මම නොමිලේ දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ මේක සමාජ සේවාවක් SRI LANKA FOREX GROUP එකේ

අපි එහෙනම් වැ‍ඩෙට බහිමු

අපි FOREX  කියනවා මොකද්ද මේ  ඇත්තටම මේකට කියන්නේ  Forex Market කියලා. ඔයලා දන්නවා ඇති අපේ රටේ තියන  Share Market එක හරියට ඒ වගේ තමයි . ‍මම ඔයාලට මෙක සරලව තේරැම් ගන්න හොද නිදසුනක් දෙන්නම් ඔයලගේ ග‍මේ කඩේ දන්නව නේ  බඩු ගොඩක් තියනව නේද එක එක ජාතියෙන් හාල් / පොල් / මිරිස් / සැමන් / කඩල යන දේවල් මේ අපි ගන්නේ මොනව දිල ද ? අපි මුදල් දෙනව ගන්න එතකොට අපට දෙනවා බඩු අන්න ඒ වගේ තමයි  FOREX MARKET එක පොඩි වෙනසකට තියෙන්නේ එකේ විකුණන්නේ සල්ලි. එක එක ජාතියේ සල්ලි එතෙන විකිණෙනවා ජපන් යෙන් ? ඇමරිකන් ඩොලර් / යුරෝ යන ආදි ගොඩක් ලෝකේ පාවිච්චි කරන පුධාන මුදල් ඒකක එහි විකුණනවා. හැබැයි මෙකේ ලංකාවේ රැපියල් නම් නැහැ  ඊට අමතරව තෙල් / රත්තරන් / සිල්වර්  යන ආදි ත් විකුණනවා අපිට තියෙන්නේ එවා මිලදි ගන්න එහෙම අරගෙන විකුණන්නයි.


දැන් අපි ඊළග බලමු කොහොමද මෙකෙන් ලාභ ලබන්නේ කියලා, අපි මේකට නියම නිදසුනක් ගනිමු

නිමල් කියන්නේ ගමේ සබන්ව්‍යාපාරිකයෙක්. නිමල් ළග  සබන් වර්ග 02 ක් තියනවා  sunlight , Lux, කියලා තවත් ව්‍යාපාරිකයෙක් තමයි සිරිසේ න මුදලාලි එයා ලග තියනවා Vendol, Rani, Baby කියලා සබන් වර්ග 3 ක් තියනවා. දවසක් නිමල් කියනවා සිරිසේන මුදලලාලිට අපි දෙන්ා රැ 1000 ක මගේ  sunlight සබන් කැටයි ඔයාගේ  Vendol සබන් කැටයි හුවමාරැ කරගමු කියලා. දෙන්නම එකග වුනා වැඩේට දැන් බලමු සබන් වල මිල ගණන්

sunlight සබන් කැටයක මිල - රැ 40
Vendol සබන් කැටයක මිල  - රැ 20

එතකොට රැ 1000 ට හුවමාරැ කර ගත හැකි සබන් පුමානය කිය ද කියලා

sunlight සබන් කැට    -  1000/ 40   =  25
Vendol සබන් කැට     -  1000/ 20    =  50

එතකොට එක sunlight කැටෙකින් මිලදි ගන්න පුළුවන් Vendol කැට සංඛ්‍යාව වෙනවා

 Vendol / sunlight  =  50/ 25  = 2 යි

අන්න ඒ ගේ තමයි   FOREX MARKET එකත්  දැන් අපි නිමලයි සිරිසේන මුදලාලියි , Vendol / sunlight සමාන කරමු  FOREX MARKET එකට

අපේ ගමේ  FOREX MARKET  එකේ

නිමල් = ඇමරිකාව
සිරිසේන මුදලාලි = ජපානය
sunlight = ඩොලර්  (USD)
Vendol = යෙන්    (JPY)

ඇමරිකාවේ මුදල් එකකය ඩොලර් ජපානයේ මුදල් ඒකකය යෙන් එක අපි හිතමු ඇමරිකන් ඩොලර් එකින් ජපන් යෙන් ගන්නේ කොහොමද කියලා

USD - කියන්නේ ඇමරිකන් ඩොලර් එකට
JPY - කියන්නේ ජපන් යෙන් එකට

USD 1     = JPY 0.0955

USD/JPY = 1/0.0955 = 10.4712 වෙනවා


 මේ Rate එක ඒ රටේ පහත සදහන් හේතු මත වෙනස් වෙනවා.


  • සේවා නියුක්තිය
  • රටේ ස්වභාවික බලපෑම
  • දළ දේශිය නිෂ්පාදනය
  • ආධාර ලැබිම්
  • ණය ලබා ගැනිම් 

දැන් අපි හිතමු මෙන්න මේ වෙලාවේදි අපි USD වලින්  JPY මිලදි ගන්නා ඒ කියන්නේ FOREX MARKET එකේ නම් (USD/JPY  -  BUY) කරනවා කියලා  එතකොට Rate එක කියද 10.4712 ක් වෙනවා. (මේ සංඛයාවේ එක ඉලක්කමක් වෙනස් වුනොත් කියන්නේ PIP එකක් වෙනස් වුනා කියලා) අපි trade එක කරලා දවස් 02 කට පස්සෙ එක පාරටම ජපානේට සුනාමියක් එනවා එතකොට ජපන් මාකට් එක අඩු වෙනවා. ජපානයේ මහ බැංකුව පුකාශයට පත් කරනවා මුදල් අගය අඩු වු බව

සුනාමියෙන් පසු 

USD 1     = JPY 0.0890

USD/JPY = 1/0.0890= 11.2359 වෙනවා

අන්න බලන්න දැන් අපි මිලදි ගන්න කොට Rate එක - 10.4712
දැන් Rate එක - 11.2359

ඒ කියන්නේ USD එක වැඩි වුනා කියන එක.  ඒක අපට වාසියි වෙනස බලමු (11.2359 - 10.4712 = 0.7647 ) ඒ කියන්නේ අපට PIP 7647 ගානක ලාභයක් ආවා

දැන් බලාවි ඔයලා මොනවද මේ PIP කියන්නේ කියලා

එක දැන් මම පැහැදිලි කරන්නම් කෝ PIP කියන්නේ මොකටද කියලා

අපි ගමු නිදසුනක් අපට ජපානයේ සුනාමියෙන් පසු ආපු Rate එක කියද 11.2359 මෙන මෙකේ දශම ස්ථානයෙන් දකුණු පැත්තේ තියන සංඛ්‍යා වල අන්තිම ඉලක්කම අඩු විමක් හෝ වැඩිවිමක් වුුනොත් කියනවා PIP එකක් අඩුවුනා නැත්තම්   PIP එකක් වැඩි වුනා කියලා

තව දුරටත් පැහැදි කරනවනම් 11.2359 මොනයම් හෝ හේතුවක් නිසා 11.2358 වෙනවා අන්න  PIP එකක් අඩු වුනා. දැන්නම් තේරෙන්න ඇති

දැන් ඔයලා හිතනව ඇති මේ PIP මුදල් වෙන්නේ කොහොමද කියලා අපි Trade කරන කොට අපට  දෙනවා  FOREX BOKER COMPANYS වලින් Software එකක් එකේ තියනවා  lot කියලා ඒක අනුව තමයි මුදල තිරණය වෙන්නේ

ඔන්න ඔකයි සරලවම FOREX MARKET එක කියලා කියන්නේ

_____________________________________________
Chapter 02



 BROKER COMPANY කියන්නේ මොනවාටද ඒවා මොනවාද  කියලා

මෙන්න මෙකයි සිද්ධිය නිදසුනක් ගමු

අපේ ගෙදර තියනවා මගුල් ගෙදරක් අපට එක එක ජාතියේ බඩු ගන්න ඕන. හාල්, පොල්, මළු , මස්  ඕන ඔය ආදි. අපි යනවා අපේ නගරයේ වෙලදසැල් වලට බඩු වල ගාන අහගෙන. අඩුවෙන්ම තියන වෙළද සැලෙන් තමයි අපි ගන්නේ.

අන්න ඒ වගේ තමයි  FOREX MARKET එකට අපිට සෘජුවම සම්බන්ධව වෙන්න බැහැ.  BOKER COMPANY එකක් හරහා තමයි සම්බන්ධ වෙන්න වෙන්නේ හරියට අපේ රටේ තියන Share Market එක වගේ තමයි

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ තමයි

අපි මිල අඩුවෙන් තියන වෙල‍ද සැලෙන් බඩු ගන්නවා වගේ තමයි.

ඔයලා බලාවි මොනවද ‍මේ මිල අඩුවෙන් මුදල් ගන්න තියන ආයතන කියලා.  මෙහෙමයි මෙයලා අපි කරන මිලදි ගැනිමකින් හෝ විකිණිමකින් ඒ කියන්නේ (BUY & SELL) එකකින් කොමිස් මුදලක් ගන්නවා. FOREX MARKET එකේ ඒකට කියන්නේ Spreads කියලා

අපි  BROKER COMPANY එකක් තෝරා ගැනිමේ දි සැලකිලිමත් විය යුතු කරැණු


  •  Spreads  එක අඩුවෙන් අය කර ගැනිම
  • වඩා පහසුවෙන් trade කිරිමට හැකියාව ඇති ‍පහසු  Platform එකක් තිබිම
  •  අපේ ගිණුමේ ඇති මුදල් ආපසු ගැනිමේදි  ඉතා අඩු කොමිස් මුදලක් තියා ගැනිම
  •  ඉතා ඉක්මණින් මුදල් අපේ ජාති්‍යන්තර ගිණුම් වෙත බැර කර ගැනිමේ හැකියාව
  •  විශාල ආයෝජකයන් සිටින BROKER COMPANY ක් විම
යන කරැණු සලකා බැලිය යුතුය

දැන් අපි බලමු මොනවද ලෝකයේ තියන හොද  BROKER COMPANY කියලා

1 Liteforex
   Platform Online, MT4, Download & Mobile
   30& bonus after deposit

2. eToro

Country: Cyprus
Accept USA trades?: No
Year established: 2006
Dealing desk: Yes
Trading platform: eToro Platform
Pairs offered: 16 and commodities
Type of spread: Fixed
Spread EUR/USD: 3 pips
Mini account size: $50 USD
Standard account size: $50 USD
Smallest lot size: 10,000
Swap free accounts: Yes
Swap rates: None
Funding methods: Credit card, PayPal, Neteller, Moneybookers, Bank wire, WebMoney, Moneygram


3  FBS

   Platform Online, MT4, Download & Mobile
   free 5$ bonus

4. avafx

 Established: 2006
Country: Ireland
Platform Online, MT4, Download & Mobile
Quality autotrader services
Languages available: English, Arabic, Dutch, French, German, Italian, Japanese, Spanish
Regulated by FSA & Financial Regulator of Ireland
Maximum leverage: 1:200
Minimum deposit: $100
Top Order: Yes
Limit Order: Yes
Trailing Stop Order: Yes
24hr Trading: Yes
Free Demo Account: Yes
Islamic Account: Yes
Online Chat: Yes
Non-currency Forex Products Oil, Stock Indices, Gold, Silver
Easy deposit and withdrawal using Credit card, PayPal, Neteller,Moneybookers, Bank wire, WebMoney, etc.
$75 bonus after the first $300 deposit! up to $1200        


5.    Exness Inc

Accept USA trades?: No
$10 start! Spread from 0.4 pips
Leverage from 1:50 to 1:1000
No hidden commissions
Trading terminal MetaTrader 4
Automatic withdrawal
150 currency pairs and 500 CFDs
Execution during 0.1 second
Deposit by Webmoney C-gold LibertyReserve PerfectMoney Cash-U


 6.     xForex 

Established: 2003
Country Cyprus, Canada
Accept USA trades?: No
Platform: Web-Based
Email: support@xforex.com
Telephone: +44-203-051-6305
Low minimum deposit required
Deposit bonus up to 30% promo
Spread EUR/USD: From 3 pips
Minimum deposit: 100 USD
Leverage: up to 1:200
Payment methods: Credit Card, Wire Transfer
             
මේවායින් මම නම් වැඩ කරන්නේ පහත BROKER COMPANY වල  විතරයි පහත ලින්ක් වලින් හරියාකාරව register වෙන්න

1  Liteforex  -   http://www.liteforex.com/?fid=507670
2. eToro      -     http://www.etoro.com/

මෙම BROKER COMPANY 2 කම ආයෝජකයන්ගේ විශ්වාසය දිනා සිටින හොද වගේම පහසුවෙන් වැඩ කල හැකි ආයතන 02 ක්.

මගේ Real account එක තියෙන්නේ නම් Liteforex වල  eToro වලින් මම පුහුණු වෙනවා

හරියාකාරව register වෙන්න. ඊට පස්සේ  ඔයලගේ document (passport copy/ bank stetment ) වල ස්කැන් කොපි ඇතුලත් කරන්න. අදාල තැන් වලට එතකොට මුදල් ගැනිමේ දි ගැටළු මතු වෙන්නේ නැහැ.

එහෙනම්  මුලින්ම  account  2 ක හදා ගන්න

දැන්ම BROKER COMPANY වලට මුදල් ගෙවිම සිදු කරන්න එපා

පස්සේ කියලා දෙන්නම් කරන හැටි මාස 02 ක්වත් පුහුණු වෙන්න ඕන
-------------------------------------------------------------------------------------------------------------

Chapter 03

දැන් අපි දන්නවා ‍ FOREX කියන්නේ  මොකද්ද කියලා, තව දන්නවා  FOREX BORKES COMPANEY  ගැන එතකොට  PIP එකක් කියන්නේ කුමකට ද කියලත්  දන්නවා

අද අපි බලමු   Trading Platform  එක ගැන 

මොකද්ද මේ Trading Platform කියන්නේ ‍  දැන්  අපි  Trade කරන කොට  අපට කුමක් හෝ ස්ථානයක් අවශ්‍යයි. නිදසුනක්  වශයෙන්  අපි බලමු  පොලේ  පැපොල් විකුණන මිනිහට පැපොල් තියාගෙන විකුණන්න ස්ථානයක් අවශ්‍යයි.
ඔහු ‍ පො‍ළ නම් ස්ථානයේ මේසයක් මත තියා ගෙන පැපොල් විකුණනවා,

මෙන්න මෙහෙම අපි Forex  market එකයි  පොළයි සමාන කරමු

පොළ       =    ‍බෝකර් සමාගම‍
පැපොල්   =    මුදල් වර්ග
මේසය     =     Trading Platform

ඕන්න ඕකයි සිද්ධිය. දැන් ඔයාලට නියම‍ට තේරෙන්න ඇති කියලා මම හිතනවා. මේක  මේසය වගේ සරල නැහැ. ටිකක් සංකීරණයි . අපි ඉගෙන ගමු

එක් එක් බෝකර් සමාගම් එක එක වර්ගයේ Trading Platform දෙනවා මම දන්න විදියට, මගේ දැනුම හැටියට ලේසිම Trading Platform එක දෙන්නේ etoro සමාගමයි. මෙය Forex  ඉගෙන ගන්න ආධුනිකයෙකුට ඉතාමත්ම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් Trading Platform එකක්.

එත් අපිට Trading Platform එකකින් ගොඩක් දේවල් කරන්න පුළුවන් එක හින්දා Forex   ගැන දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න අපිට හොද හොද Trading Platform ‍හොයා ගෙන යනවා. හරියට දැන් අපිට තිබුණේ  ස්කුටර් බයික් එකක් , දැන් අපි ගාව මුදල් හොද හැටි තියෙනවා ස්කුටර් එක හරියන්නේ නැහැ අපි ගන්නවා හොද හොනට් එකක් වැඩ ගොඩයි,  කැටයම දාලා යන්න පුළුවන් ස්කුටරයට වඩා ස්පිඩ්. කැලිත් වැඩියි .

අන්න එ වගේ තමයි etoro සමාගම දෙන Trading Platform එකට වඩා කැලි වැඩියෙන් තියෙන Trading Platform එකක් ගැන කථා කරන්න යන්නේ මේ Trading Platform එක ලෝකයේ FOREX BORKES COMPANEY  වැඩි ගණනක් තම ආයෝජකයන්ට දෙන Trading Platform එකක්. මේකේ නම තමයි

 MetaTrader 4 (MT4)  Trading Platform එක

අපි දැන් බලමු මේක ගන්නේ කොහින්ද කියලා ඔයාට මේ ලින්ක් එකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්

http://www.liteforex.org/metatrader.php

දැන් ඔයා මේක ඩවුන්ලොඩ් කර ගන්න. ඊට පස්සේ පරිගණකයට Install කර ගන්න
දැන් ඕපන් කරන්න. දැන් එන application එක දන්න විදියට පුරවලා next දෙන්න තව පාරක්  next දෙන්න. දැන් ඔයලා දන්නේම නැතිව practice account  එකක් හදලා ඉවරයි.

දැන් ඔයා ඉදිරියේ තියන එකට තමයි කියන්නේ MetaTrader 4 (MT4)  Trading Platform එක කියලා. වාහනයක් තිබ්බට වැඩක් නැහැ එලවන්න බැරි නම්.  මොකද කරන්නේ එලවන්න ඉගෙන ගන්න එපැයි. වාහනේ තියනවා ගියර්,  බේරේක්. සිග්නල් ලයිට්.  ක්ලච්. සුක්කානම. බොනට් එක. ඇස්ලේටර් එක වගේ දේවල් ඒ වගේ තමයි MetaTrader 4 (MT4)  Trading Platform එකෙත් තියෙනවා එක එක දේවල්. බලමු අපි මොනවද කියලා  order ,  time , type,  size , lots, symbol,  price , S/L, T/L , commission, swap , profit,  Balance  Margins,  Leverage, Pips යන ආදිය දැන් අපි මේවා එකිනෙකට විස්තර කරමු.

order  - අපි දාන Trade එකට  නම්බරයක් දෙනවා එක තමයි මේ යටතේ වැටෙන්නේ

time   - අපි Trade එක දාන දිනය සහ වේලාව පැය 24 ඔරලෝසුවෙන් වැ‍ටෙනවා

type, -  අපිට කරන්න තියෙන්නේ  Forex  market එකේ වැඩ දෙකයි  sell  සහ buy විතරයි.  type යටතේ සදහන් වෙන්නේ අපි කලේ sell  එකක් ද නැත්තම්  buy එකක් ද යන වග

 size , lots, - මෙන්න මෙක ටිකක් හොදට අවධානයෙන් තේරැම් ගන්න ඕන සමහරක් බෝකර් සමාගම් size කියනවා සමහරක් අය lots, කියනවා දෙකම එකයි. ඒ කියන්නේ

අපි කඩේට ගිහිල්ලා  හාල් ගන්නවා ගන්නේ කොහොමද gram හෝ Kilo gram ගානට නේද? අන්න ඒ වගේ තමයි Forex Market එකේ අපි Currencies ගන්න unit එකට කියන්නෙ "Lot" කියලා.

Lot වලට Standard Lot කියලත් කියනවා.

Lot එකක් කියන්නේ 100,000ක්.
හාල් ගන්න ගියාම අපිට grams . Kilogram  වලිනුත් ගන්න පුළුවන්

ඒ වගේම Lots  වලත් තියෙනවා
 Mini-Lots, Micro-Lots  කියලා
දැන් කවුරු හරි කිව්වොත් USD Lot එකක් ගන්නවා කියලා, එකින් අදහස් කරන්නේ USD 100,000 ගන්නවා කියන එක. එතකොට USD Mini-Lot එකක් ගන්නවා කියන්නේ USD 10,000ක් ගන්නවා කියන එකයි.


Leverage - මේකට අපි නිදසුනක් ගමු.   AUD/USD = 1.2345 කියලා. එහෙනම් AUD Lot එකක් ගන්න USD කොපමණ ඕනවෙයිද කියලා බලමු

    AUD /USD = 1.0632
    USD amount = 1.0632 X 100,000
     = 106,320.00

ඒ කියන්නේ AUD Lot එකක් ගන්න USD 106,320.00 ඕනෙ. ඒ කියන්නේ ඩොලර් 106,320.00 ක් ඕන. ඔයලා හිතයි ඕච්චර සල්ලි කොහේද තියෙන්නේ කියලා අන්න ඒකට තමයි අපිට "Leverage" කියන එක වැදගත්  වෙන්නේ.

Leverage එක  Forex වලදි දක්වන්නේ
100:1
200:1
500:1 වශයෙන්.

මේකෙ තේරුම මොකක්ද කියලා දැන් අපි බලමු . 100:1 කියන එකේ තේරැම තමයි, 100ක trade එකක් open කරන්න ඕන වෙන්නේ 1ක් කියන එක.

මේක අපි නිදසුනකින් පැහැදිලි කර ගනිමු

    Leverage එක 100:1 නම් හා AUD /USD = 1.2345 නම් AUD Lot එකක් ගන්න අවශ්‍ය වන USD ගණන කීයද?
    AUD /USD = 1.0632
    Lot එකකට යන USD ගණන = 1.0632X 100,000  = 123,450
    Leverage එක 100:1 නිසා, USD = 106,320/ 100
    ඒ නිසා උත්තරය වෙන්නේ 1063.20

100:1 Leverage එක නිසා අපිට AUD Lot එකක්ම ගන්න අපිට යන්නේ USD 1,234.50 යි

මේ ගානත් අපිට වැඩි නිසා දශම ගණන් වලටත් කඩලා තියෙනවා 0.01 ඉදන් ඉහලට . එතකොට පොඩි ගානයි යන්නේ


 symbol,  - ‍මේකින් කියන්නේ  අපි Trade  කරන  මුදල්  වර්ග 02 ක  උදාහරණයක් වශයෙන් AUD /USD

 price ,  - අපි  Trade  එක open කරන කොට පැවති මුදල

                Trade කරන කොට අපිට Auto Trade  එක නවතින්න පුළුවන් විදියට සකස් කර ගන්න පුළුවන්

S/L,        - කියන්නේ අපි පාඩු ලබනවනම්  Auto Trade  එක නවත්තන එකට  (Stop Lost)

T/P ,      - කියන්නේ අපි ලාභ ලබන විට ලාභය ඇති කියා  Auto Trade  එක නවත්තන එකට  (Take Profit)

commission, -  බෝකර් සමාගම අය කර ගන්නා කොමිස් මුදල මෙතනින් පෙන්වනවා

swap ,   - මෙතනින් අපි Trade එකක් දවසට වඩා තියා ගන්නව නම්  පොඩි මුදලක් අය කරනවා. එක මෙතනින් පෙන්නනවා

profit,  - අපි කල Trade එකින් ඇති ලාභය පෙන්නනවා. පාඩුවක් නම් ඝෘණ  ලකුණෙන් පෙන්නුම් කරනවා

Balance  - දැනට අපේ එකවුන්ට් එකේ තියන මුළු මුදල මෙතනින් පෙන්නුම් කරනවා

Margins,  - ‍මෙකින් කියන්නේ  අපි Trade එකක් කරන විට අදාල ආයතනය විසින් මුදලක් අපෙන් අය කර ගන්නවා ඒක අපට ආයෙත් ලැබෙනවා Trade එක අවසන් කරන විට. හරියට අපි කඩකාමරයක් ගන්න යන විට අපෙන් මුදලක් තියා ගන්නවා නේද අන්න ඒ වගේ තමයි. මේක වෙනස් වෙනවා අපි Trade එකට දාන size එක හෝ lots එක අනුව ඔයලට තේරෙනවා ඇති නේද size එක වැඩි වෙන්න වැඩි වෙන්න තියා ගන්න ගානත් වැඩි වෙනවා

මේ පාඩම ටිකක් දිගයි නේද නැතුව බැහැ තව ගොඩක් දේවල් තියෙනවා කියන්න.
ඊළග පාඩමෙන් අපි ගෙන ගමු Trade එකක් දාන හැටි
-----------------------------------------------------------------------------------------------------------------------------------
Chapter 04


දැන් අපි දන්නවා ‍ FOREX කියන්නේ  මොකද්ද කියලා, තව දන්නවා  FOREX BORKES COMPANEY  ගැන එතකොට  PIP එකක් කියන්නේ කුමකට ද කියලත්  දන්නවා" Trading Platform  එක ගැනත් දන්නවා.

අද අපි බලමු කොහොමද Trading Platform  එකක Trade කරන්නේ කියලා.

දැන් ඔයා මේක ඩවුන්ලෝඩ් කරගෙන එහෙම බලන්න ඇති කියලා මම හිතනවා. මේකේ තියන වචන ගැන මම 03 වන පාඩමෙන් විස්තර කරලා ඇති. අද අපි කරන්න යන්නේ වැදගත්ම පාඩමක් දැන් අපි Trade එකක් කරමු

පලමුවෙන්ම අපි මේ සදහා සකස් කර ගන්න ඕන Particle Account එකක්  මම හිතනවා ඔයා මේ වැඩේට Liteforex  BORKES COMPANEY  එකෙන් ලබා දෙන Trading Platform   යොදා ගෙන ඇතියි කියලා.

දැන් File කියන Option එකට ගිහිල්ලා Open an account කියන එක තෝරා ගන්න. දැන් ඔයාට එන පෝරමය හරියාකාරව පුරවලා Next  button එක දෙපාරක් කිල්ක් කර  account එක හදා ගන්න දැන් ඔයාට ඩොලර් 50000 ක ගිණුමක හිමිකාරයෙක්. මෙවා බොරැ සල්ලි බව කරැණාවෙන් සලකන්න. පුහුණු වෙන්න දෙන්නේ.  දැන් ඔයා ඇත්ත account එක කියලා හිතලා Trade කරන්න පටන් ගන්න.

කරන්නේ මෙහෙමයි. තමන් කැමති මුදල් වගි 2 ක් තෝරා ගත යුතුයි. උදාහරණයක් බලමු.

දැන් මම තෝරා ගන්නවා  

AUD/USD  -  ඔයාට මේක දකුණු පැත්තේ ඇති චාට් එකින් තෝරා ගැනිමට හැකියාව තිබෙනවා. ඔයා තෝරා ගත්ත Currency Pair  එක Double Click කරන්න.

ඊට පස්සේ එන චාට් එක විස්තර කරන්නම්

symbol - තමා තෝරා ගත් Currency Pair  එක පෙන්නුම් කරනවා

volume -  Lot  අගය පෙන්නුම් කරනවා ( 03 වන පාඩමෙන් පැහැදිලි ලෙස විස්තර කර ඇත)

stop lost - අලාභ Auto නැවැත්විමට යොදා ගන්න අගය  ( 03 වන පාඩමෙන් පැහැදිලි ලෙස විස්තර කර ඇත)

take profit - ලාභය  Auto නැවැත්විමට යොදා ගන්න අගය  ( 03 වන පාඩමෙන් පැහැදිලි ලෙස විස්තර කර ඇත)

Comment  - මෙය එතරම් වැදගත් නැහැ. තමන්ට වැදගත් යැයි සිතන දෙයක් සටහන් තැබිය හැකිය

Type - මෙහිදි අපට Instant Execution හා Pending order කියලා දෙකක් පෙන්නුම් කරනවා. මෙකෙන්  InstantExecution තමයි අපට වැදගත් වෙන්නේ එක නිසා එය තෝරා ගන්නත Pending order කියන්නේ ඉස්සරහට ඔයා දානTrade එක හදුන්වනවා. දැන්ම මේක වැදගත් වෙනනේ නැහැ.

Sell  -  මෙක තමයි වැදගත් මේ වෙලාවේදි ඔයාට කරන්න ඕන Sell එකක් නම් මේක කිල්ක් කරන්න.

Buy -  අනික මේක, මෙකත් වැදගත් මේ වෙලාවේදි ඔයාට කරන්න ඕන Buy එකක් නම් මේක කිල්ක් කරන්න.


උදාරණයක් ලෙස  ඔයා  AUD/USD  තෝර ගත්ත නේ.

දැන් අපි මේවට හරියන්න ගණන් දාමු. මේ වෙලාවේ  AUD/USD   Rate එක 1.5650 කියලා හිතමු
අපට දාන්න ඕන Trade එක Sell එකක්  


symbol -  AUD/USD

volume - 0.01

stop lost - 1.5700

take profit - 1.5600

Comment  - ( මුකුත් දාන්න එපා )

Type - Instant Execution

Sell-   Sell එක කිල්ක් කරන්න. දැන් OK කරන්න

ඕන්න දැන් හරි.  ඔයා AUD/USD  Currency Pair  chat එක විතරක් Open කර ගෙන අනෙක් ඒවා Cancel කරන්න.

AUD/USD  Currency Pair  chat එක ගන්න විදිය

ඔයාට මේක දකුණු පැත්තේ ඇති චාට් එකින් තෝරා ගැනිමට හැකියාව තිබෙනවා. ඔයා තෝර ගත්ත AUD/USD  Currency Pair  එක මත Right click කරන්න. ඊට පස්සේ  Chart window  Click කරන්න. එතකොට ඔයාට AUD/USD  Currency Pair  Chart එක එනවා.  දැන් හරි

දැන් ඔයා Trade එක දිහා බලා ගෙන එන්න ඔයාට පේනවා ඇති පහළින් ඇති table එකේ ඔයාගේ Trade එක එකේ ඝෘණ අගයක් නම් පාඩුයි. ඝෘණ අගයක් නැත්තම් පෙන්නන්නේ ලාභය. සැලකිය යුතු ලාභයක් ආවොත් ඔයා මොකද කරන්නේ take profit වෙන්න කලින් ඔයාට පුළුවන් Trade එක Cancel කරන්න. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. සුළු දෙයක්  ඔයාගේ Trade එක මත Double Click කරන්න. ඊට පසුව එන එකේ පහලින්ම ඇති Close කියන දිග බාර් එක Click කරන්න. සමහර විට market එක ගොඩක් කාර්යබහුල වුනාම Close ‍‍‍වෙන්නේ නැහැ ඔයා කලබල වෙන්න එපා කිහිප පාරක්ම උත්සහ කරන්න.

AUD/USD  Currency Pair  chat එක 

අපි දැන්ම Trade  එක Sell  එකක් මෙහිදි  ඔයාට එන චාට් එකේ ඔයාට පේනවා ඇති ලයින් එකක් එහාට මෙහාට දුවනවා එක කෙළවරේ දකුණු පැත්තේ තියනවා . යම් කිසි අගයක් ඒක තමයි දැනට පවතින අගය' මේ අවස්ථාවේදි අපි  Sell   එකක් දැම්ම නිසා පහලට යනව නම් තමයි අපිට ලාභය ලැබෙන්නේ. ලයින් එක උඩට යනව නම් පාඩුයි.

ඔයාට පුළුවන් මේ වගේ Trade කිහිමයක්ම කරන්න

ඕන්න ඕකයි සරලවම කථාව. ඔයා දැන් එක එක විදියට Trade කරලා හොදට පුරැදු වෙන්න. ඇත්ත සල්ලි නම් දාන්න එපා දැන්ම. මම කියන්නම් වෙලාව ආවම.

ඔයාට ගැටලුවක් තියෙනවනම් මගේ දුරකථන අංකයට කථා කරලා විසදගන්න. උදව් කරන්න මම කැමතියි.
075 -9950500  සතියේ දින වල සහ සෙනසුරාදා හවස 7.00 න් පස්සේ කථා කරන්න
ඉරිදා ගැටලුවක් නැහැ ඕනම වේලාවක්

SRI LANKA FOREX GROUP එකේ නොමිලේ ලබා දෙන ජනතා සත්කාරයකි


Author:.....................Sameera Shantha (admin "SRI LANKA FOREX GROUP")



Share:
Twitter Delicious Facebook Digg Favorites More