Friday, June 17, 2011

චිතපට ඩවුන්ලෝඩ් කරද්දී හිතන්න!!!!!

චිතපට ඩවුන්ලෝඩ් කරද්දී හිතන්න!!!!!

ඔබ අන්තර්ජාලයෙන් චිත්රෙපට බාගත කරනවාද (torrent වලින්) ? එහෙනම් චිත්රකපටය බාගත කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඒකෙ description එකේ තියෙන මේ කෙටි යෙදුම් තේරුම් ගන්න.
• CAM / CAMrip – කැමරා කොපි නමින් අපි මේවා හඳුන්වනවා. මේවා හදන්නෙ චිත්රිපට ශාලාවෙ තිරය කුඩා කැමරාවක් මගින් නැවත රූගත කිරීමෙන්. බොහෝවිට නිතරම කැමරාව හෙලවෙනවා දකින්න පුලුවන්. රූප හා ශබ්ද වල තත්ත්වය අන්තිමයි. ‍ශාලාවෙ ශබ්දත් ඇහෙනවා. රූප පැහැදිලිත් නෑ.
• TELESYNC (TS) – තිරය රූගත කිරීමෙන් හැදුවත් ශබ්දය ලබාගන්නෙ ආසන වල ඇති headphone socket එකෙන්. ඒ නිසා ශබ්දය ටිකක් හොඳ උනත් බාහිර ශබ්ද හා නිරෝධනය වී ඝෝෂා ඇති කරන්න පුලුවන්. සමහර ඒවා හිස් සිනමා ශාලාවකදී රූගත කිරීම නිසා තත්ත්වය ටිකක් හොඳයි. ඒත් බොහෝ විට මේ නමින් එන්නේ වැරදියට ලේබල් කල CAMrip බව මතක තබා ගන්න.
• TELECINE (TC) – සිනමා පටය (reel) කොපි කල හැකි යන්ත්රකයක් භාවිතයෙන් ලබාගත් එකක්. (මෙවැනි යන්ත්රම වලින් තමයි සිංහල චිත්රොපට රූපවාහිනියේ පෙන්වීමට සකස් කරන්නේ) මෙම යන්ත්රර සාමාන්යැයෙන් දුර්ලභ නිසා මෙම වර්ගයත් ටිකක් දුර්ලභයි.
• SCREENER (SCR) – චිත්රිපටය එලිදැක්වීමට කලින් ප්ර්චාරණය සඳහා ලබාදෙන VHS පටි. මේකේ තිරය මත විවිධ අකුරු, දැන්වීම් දකින්න තියෙනවා කරදරයක් වෙන තරමට. මේවා බොහෝදුරට නිකුත් කරන්නේ චිත්රSපට කුලියට දෙන ආයතන සඳහා. රූප/ශබ්ද තත්ත්වය නම් සෑහෙන්න හොඳයි. ඒත් රූප ප්ර්මානය ඉතා කුඩායි (letterbox).
• DVD-SCREENER (DVDscr) – කලින් කියපු ජාතියමයි, හැබැයි DVD වලට ගහලා.
• VHSRip – ඔරිජිනල් VHS tape එකෙන් ලබාගත් වීඩියෝ එකක්. දැන් මේ ආකාරයට චිත්රුපට එනවා ගොඩක් අඩුයි. වැඩිපුරම තියෙන්නේ ක්රී ඩා සහ අසභ්යෝ වීඩියෝ.
• TVRip – මේවා රූපවාහිනියේ යන චිත්රීපටයක් හෝ කතා මාලාවක් capture card එකක් මගින් ලබාගත් ඒවා. තත්ත්වය ඉතින් capture card එකේ quality මත රඳා පවතිනවා.
• Asian Silvers / PDVDrip – ඔබ දැක තියෙනවා නේද එක dvd එකේ චිත්රටපට 4ක් 5ක් තියෙනවා. ඒවා ඔරිජිනල් dvd නෙමෙයිනේ. ඒවාට තමයි Silvers කියන්නේ. මේවා ආසියාවට ආවේනිකයි ! ඒවායින් හදපු වීඩියෝ තමයි මේ. තත්ත්වය සාපේක්ෂයි. එකින් එකට වෙනස් වෙන්න පුලුවන්. ඇතැම්විට PDVDrip යටතේ CAM ඒවත් එනවා.
• WORKPRINT (WP) – චිත්රAපටයේ සංස්කරණයේ දී ලබාගත් පිටපතක්. රූප ශබ්ද තත්ත්වය හොඳ වෙන්න පුලුවන් උනාට මේකෙ දර්ශන කොටස්,සංගීතය අඩු වෙන්න පුලුවන්. මොකද තවම චිත්රුපටය අසම්පූර්ණ නිසා. උදාහරණයක් විදියට Men in Black හි ජනතාව අතර ප්රදචලිත වු මෙ‍ම වර්ගයේ පිටපතේ පිටසක්වල ජීවීන් වෙනුවට එහි සිට ඇත්තේ නලුවන්. ඒ ත්රි මාන රූප ඊට එකතු කිරීමට කලින් ලබාගත් WP එකක්.
• DVDRip – මේක තමයි හොඳම එක. ඔරිජිනල් dvd එකෙන් හදපු වීඩියෝ එක. වීඩියෝ එකේ වර්ගය අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන් උනත් සමස්තයක් විදියට අනර්ඝයි


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More