Friday, June 17, 2011

email ටික සාක්කුවෙ දා ගෙන ගෙදර ගිහින් නිදහසේ බලමු ද? මෙන්න ක්‍රමය (Download Email to your Pen Drive)


Gmail, Yahoo , MSN , Webmail ඕන එකකට මේක වැඩ. internet නැති උනත් අපේ email බලන්න වගේම යවන්නත් පුළුවන්. USB Pen එකේ දා ගෙන අරන් යන්න පුලුවන් නිසා තවත් පහසුයි. කරන්න තියෙන්නෙ මම දෙන File එක Pen එකට දාල Run කරන එක. භාවිතා කරන්නත් ලේසි User Friendly Software 1ක්. මේකෙ නම Thunderbird.  Firfox හදන Mozilla ආයතනයේ ම වැඩක් මේක. ඒ වගේම Open Sourse  සහ Free Software එකක් නිසා තවත් හොදයි.

* Intenet Cafe වලින් , office එකේ Computer එකෙන්, යාලුවගෙ Computer එකෙන්
Internet log වෙන,  ගෙදර Internet නැති අයට මේක ගොඩක් වටිනව.


මුලින් මෙක බා ගෙන ඉන්නකො
Download
http://goo.gl/24Gkw

දැන් බලමු මේකෙන් වැඩ ගන්න හැටි.

  1. දැන් බා ගත කරපු File එක, Pen එකට Copy කර ගන්න 
  2. දැන් ඒක Double click කරල Pen එකේම install කර ගන්න 
  3. ThunderbirdPortable කියල Folder එකක් අති දැන් Pen එකේ.
  4. Pen  එක Internet තියෙන Computer එකක ගහන්න.
  5. දැන් Pen එකේ අර ThunderbirdPortable කියන Folder එක Open කරන්න
  6. එකේ ThunderbirdPortable.exe කියන ෆයිල් එක Run කරන්න.

  7. Thunderbird open උනාට පස්සෙ මේ වගේ Window එකක් පෙනේවි .
    ඔබේ නම , ඊ මේල් ලිපිනය , password ආදිය ලබා දී Continue කරන්න 
    (ඔබේ email settings වල POP enabale  වී තිබිය යුතුයි )
    * Gmail, Yahoo, MSN ආදියේ මෙම පහසුකම Enable වී පවතී .

  8. IMAP හා POP ලෙස 2ක් පෙනේවි.
    මෙහි POP තෝරා Create Account click කරන්න (Portable නිසා POP අනුමත කරමි)
    .

  9. දැන් සියල්ල සකසා අවසන් .
  10. ඔබේ ඊ මේල් සියල්ල Pen එකට Download වෙන්න පටන් ගනීවි.
    .


  11. දැන් තියෙන්නෙ ඉතින් පෙන් එකට සේරම Download උනාට පස්සෙ Pen එක ගලවල ගෙදර අරන් ගිහින් නිවිහැනහිල්ලේ ඊ මේල් ටික බලන එක තමයි. (මේක ගොඩක් වැදගත් වෙන්නෙ ගෙදර  Computer එක තිබිබත් Internet නැති අයට).
    .
    • ආ තව දෙයක් කියන්න අමතක උනා අපි දැන් මේ email බැලුව වගේම ගෙදර ඉදන්ම ඒවට Reply යවන්නත් පුළුවන්. ආයෙත් ඉතින් පෙන් එක ගිහින් Internet Cafe   එකේ හරි මොකේ හරි ගහල Run කරපු ගමන් අර Reply කරපු ඒව Send වෙනව
      Compose new mail > File Menu > Send later දුන්නම හරි
      .
      ඉතින් මේ ලිපිය වැදගත් කියල හිතෙනව නම් දන්න අයටත් Share කරන්න.උපුටා ගත්තේ www.blogpituwa.tk
    • http://blogpituwa.blogspot.com/2011/05/email-email-in-pocket.html
    • delete කරන්න නම් එපා. අමාරුවෙන් ලිව්වෙ 
    • ----------------------------------------------------මම දර්ශන


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More