Friday, June 17, 2011

HackerZ

මෙ දවස් වල HackerZ ගැන කතා නොකරම බැනෙ...... 

Hackers ල කොටස් දෙකයි. 
1. White Hat(Ethical hacking):
මෙයාල තමයි හොඳ අය. මෙයාල එයාලගෙ හැකියාවන් නීති විරෝදී හෝ අනිත් අයට පීධාකාරී ආකාරයෙන් යොදා ගන්නෙ නෑ. හරියටම කියනව නම් මෙයාල Security Experts ල. මෙයාල තමයි මම ඊලඟට කියන්න යන Black Hatලට එරෙහිව අවධියෙන් ඉන්නෙ. බොහෝ ප්‍රමුක පෙලේ ආයතන තුල ආයතනයේ පරිඝනක පද්ධතියේ ආරක්ෂාවට මෙවැන්නෙක්ගෙ උපකාරය ලබාගන්නව.

2. Black Hat:
මෙයාල තමයි නරක අය වශයෙන් සලකන්නෙ. මෙයාල තමන්ගෙ හැකියාව යොදාගන්නෙ නරක විදිහට(hack banks, steal credit cards, and deface websites). මෙයාලගෙ සේවය ලබාගන්න අයත් ඉන්නව. දන්නවනෙ ඉතින්. හොර වැඩවලට තමයි.

දැන් තේරෙනවනෙ. Hacker කියන වචනය නරකටම විතරක් යොදාගන්න වචනයක් වෙන්න බෑ.

Hacker කෙනෙකුගෙත් අවධි, නැත්නම් මට්ටම් තියෙනව.(Hierarchy එකක් තියෙනව)

1. Script Kiddies:
මෙයාල hacker කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අය. මෙයාලට කිසිම හැකියාවක්වත් දැනුමක්වත් නැහැ. මෙයාල කරන්නෙ Elite Hackersල develop කරපු tools use කරන එක විතරයි. ඒ tool එකේ ඇතුලතින් වෙන සිද්ධිය ගැනවත් මෙයාලට කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා මෙයාලට හිතල අවස්ථානුකූලව කටයුතුකරන්න බෑ. ඒ නිසා මෙයාල ඉන්නෙ රාමුවකට කො‍ටුවෙලා. රාමුවෙන් පිට පනින්න නම් මෙයාලට දැනුම අවශ්‍යයි. Hacking forum එකකට ගියොත් මේ වගේ අය ඕනෙතරම් ඉන්නව.

2. Intermediate Hacker:
මෙයාලට computers, networks ගැන දැනුමක් තියෙන අතරම තමන් බාවිතා කරන scriptඑකෙන් මොකක්ද කෙරෙන්නෙ කොහොමද කෙරෙන්නෙ කියන එක පිලිබඳ සාමාන්‍යය programming knowledge එකක් තියෙනව. නමුත් මෙයාලත් scrip kiddiesල වගේම attack එකට use කරන්නෙ pre-developed well-known exploits.

3. Elite Hacker:
මෙන්න මෙයාල තමයි නියම වැඩකාරයො. මෙයාල තමයි ඔය තියෙන හුඟක් hacker tools develop කරන්නෙ. මෙයාල අවස්ථාවට යෝග්‍යය විදිහට තමන්ගෙ scripts හදාගන්නව. මේවගේ කෙනෙක් system එකකට යම් හේතුවකට හොරෙන් ඇතුලු වුනත් හොයන එක ලේසි නෑ. මොකද එයාල expert. They can break into systems and hide their tracks or make it look like someone else did it. මේ තත්වෙට එන්න නම් ටිකක් දඟලන්න ඕනෙ.

Hacking ඉගෙනගන්න ආසාවෙන් ඉන්න තාම කිසිම දැනුමක් නැතිව ඉන්න අයට කියන්න තියෙන්නෙ නිකන්ම නිකන් scrip kid කෙනෙකුට වඩා එහාට යන්න බලනවනම් එහෙන් මෙහෙන් උස්සන tools use කර කර ඉන්නෙ නැතිව programming languages ටිකක් ඉගෙන ගන්න බලන්න. ඕනෙම කෙනෙකුට පටන් ගන්න ලේසිම එක HTML, එතනින් එහාට C වලින් පටන් ගන්න. Linux OS එකත් එක්ක familiar වෙන්න බලන්න. ඒකට හේතු 2ක් තියෙනව.
1. Internet එකේ තියෙන servers මිලියන ගානක් run වෙන්නෙ Linux OS එකෙන්.
2. හුඟක් hacking tools run කරන්න පුලුවන් Linux වල විතරයි.

හරි. මේ post එක මෙතනින් ඉවර කරනවා. Hacking Category එක යටතේ ඉස්සරහට Network Hacking, Wireless Hacking, Windows Hacking, Web Hacking පිලිබඳ ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව. සියල්ලම අධ්‍යාපනික අරමුණු සඳහා පමණයි.
මන් මෙන්න මෙතනින් තමා අද්දෙ ...  http://www.usgunawardena.blogspot.com/  ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා දැම්මා. . . ‍YB_Production...


1 comments:

Unknown said...

meka online help group eke thibunata mm dan thma kiyewwe.. Thnkz

Share:
Twitter Delicious Facebook Digg Favorites More