Friday, June 17, 2011

Tera Copy ! කොපි කිරීම පහසු කරමු



ඉතින් කස්ටිය කොහොමද? මේ දවස් වල වෙන දේවල් හැටියටනම් මම බොහොම අමාරුවෙන් ජීවිතේ ගතකරන්නේ. Exam, results වගේ එපාකරන දේවල් මගේ වටේ කැරකී කැරකී මාත් එක්ක සෙල්ලම් කරනවා නොවැ. ඉතින් ඔහොම ජීවිතේ ගතකරනකොට තාමත් මට වදයක් නොවිච්ච එක දෙයක් ඔයාලාටත් දෙන්න හිතුනා. මං හිතන්නේ සමහරක් මේක දන්නවාත් ඇති. මේක තමයි ටෙරා කොපි.
ඉතින් ඔහොම හිතාගෙන හිතාගෙන ලියාගෙන ලියාගෙන යද්දි මතක් උනේ මං අද දවසට ලියන දෙවෙනි ලිපිය තමයි මේක. අද උදේ ඉදං එකක් ලියන්න හැදුවත් මේ විදුලි බල මංඩලය මට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නේම නෑ. මගේ කරුමෙට ups එකෙ බැටරියත් නරක් වෙලා නොවැ. බකස් ගාලා ඕෆ් වෙනවා කරන්ට් එක ගියපු ගමනන්. ඉතින් ඒවයින් වැඩක් නෑ. දැන් බහිමුකෝ රියල් ටෝක් එකට.


TeraCopy Pro 2.12 for Windows All

මේක ඇත්තටම file handling සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් කරන්නේ සාමාන්‍යයෙන් file copy/move/delete කරන එක තමයි. ඒක ඉතින් ඕක නැතත් කරන්න පුලුවන් නේ? ඔව්. නමුත් වින්ඩෝස් වල නිකම්ම ෆයිල් කොපි කරන එකේ මොනවද කරන්න පුලුවන්. කොපි වෙන්න දැම්මා. බලං හිටියා. නිකමට හරි ඒක නවත්තන්න හැදුවොත් ඔක්කෝම හබක් වෙනවා. බොරුද ?

ඉතින් ඒක නිසාත් XP වලදි නම් සැලකිය යුතු වේග වෙනසක් සිදුවන නිසාත් ඔය සොෆ්ට්වෙයාර් එක හොදයි කියලා මට හිතෙනවා. අකුනක් ගැහුවා.
හරි. දැන් මම කියන්නම්.

මෙන්න පොඩි විස්තරයක්.

  • ෆයිල් කොපි වීම වේගවත් කරයි.
  • ෆයිල් කොපි වෙන අතරතුර මදකට නැවැත්වීමේ පහසුකම
  • Error එකක් recovery කරගැනීමේ හැකියාව.
  • සියලුම කොපි වෙන ෆයිල් ගැන විස්තරයක් ලබා දීමේ Interactive file list එක - මෙහිදී ඔබට පුලුවන් කොපි වන අතරතුර ප්‍රශ්ණයක් ඇතිවී එක් ෆයිල් එකක් පමනක් කොපි නොවුනහොත් එය පමනක් නැවත කොපි කරන්න.
  • සම්පූර්ණයෙන්ම Windows හී කොපි function එක replace කරයි. අවශ්‍ය විටකදී අනෙකට මාරු විය හැකිය.
  • Unicode හොදින් support කරයි.
  • Windows 7 64 බිට් ද support කරයි.
මම ඔයාලාට දෙන්නම් Setup එක රෙජිස්ටර් කී එකත් එක්ක. බාලා ඉවර වෙලා දාන හැටිත් කියවලා බලන්න.

http://www.mediafire.com/?s2hawptr8l5fwvb

දැන් කියන්න හදන්නේ දාන හැටි.
  1. සෙටප් එක ඩබල් ක්ලික් කරන්න. Path එක බලලා extract(install) කරන්න. Path එක වෙනස් කරන්න යන්න එපා.
  2. ඉන්පසූ Administrator Rights ඉල්ලුවොත් ඒකට Yes දීලා සොෆ්ට්වෙයාර් එක ඔයාට අවශ්‍ය තැනක ඉන්ස්ටෝල් කරගන්න.
  3. ඉන්ස්ටෝල් කරාට පස්සේ නැවතත් කලින් extract/install කරපු path එකට ගිහින් එතන තිබෙන license.key කියන කී ෆයිල් එක ඔයා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන්න. සාමාන්‍යයෙන් එය C:\Program Files\ වල තිබේ.
  4. දැන් ඔයාට ඉතිරිවෙලා තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චී කරන එක විතරයි.
මෙන්න සොෆ්ට්වෙයාර් එකේ මුහුණත.


ඔබේ කොමෙන්ට්ස් මට ගොඩාක් වටිනවා !
වාසනාවන් !!

ගත්තේ - http://www.thisald.tk/1/post/2011/06/tera-copy.html


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More