Wednesday, June 22, 2011

ජංගම දුරකථන ඉතිහාසය හා එහි ගමන් මගින් බිඳක්...

ආයුබෝවන්
සුභ දවසක් ප්‍රාර්ථනා කරනව හැම දෙනෙකුටම.

ඔන්න අද මම කියන්න හදන්නේ ටිකක් වෙනස්ම මාතෘකාවක් පිලිබඳවයි.
"මොකක්ද ඒ මාතෘකාව" දැන් හැමෝගෙම හිතේ එය රජ කරන්ව ඇති,ඉතින් මම තවත් ප්‍රමාද නොකර කියන්නම් මම අද ඔයාලට කියන්න හදන්නෙ අපේ රටේ භාවිතා වෙන ජංගම දුරකථන ගැන, විශේෂයෙන්ම ජංගම දුරකථන මූලස්තානවල ක්‍රියාකාරීත්වය පිළිබඳවය.

මං මුලින්ම කියන්නම් හැමෝම දන්න දෙයක් ඒ අපේ රටේ ජංගම දුරකථන සමාගම් ගණන. එය සැම දෙනාම දන්නාපරිදි 5කි. නමුත් අපි නොදන්නව වුනාට අපේ රටේ ජංගම දුරකථන ජාලයන් පහකට වඩා ඇත. ඒවා පොදුවේ භාවිතා වෙන පහට අමතරව විවිධ සංඛ්‍යාත පරාස වල පැතිර පවතී. ඒවා රාජ්‍ය ආරක්ෂාව හේතුවෙන් විස්තර කිරීම සීමාකිරීමට සිදුවේ. නමුත් අප පොදුවේ භාවිතාවන ජංගම දුරකථන ජාල පහ පිලිබඳව නිවැරදි විස්තරයක් ගෙනහැර දැක්වීම මාගේ අබිප්‍රායයි.

මේ සටහන් මා ලබන්නාවූ අධ්‍යාපනය හා සම්බන්ධ විශය කරුනුවේ, වැරදීම සාමාන්‍ය මනුශ්‍ය ගතියකි නමුත් එහි වැරැද්ද පෙන්වාදීම උතුම් දේව ගතියකි, එම නිසා මගෙන් අතපසු වූ යම්දෙයක් වෙතොත් ඊට මා සමාව ආයාචනා කරන අතර කියවන ඔබ ඒ වරද මට පෙන්වාදී අනෙක් ම්තුරන්ටද සහාය දක්වන ලෙස ඉතා කරුණා සිතින් යුක්තව ඉල්ලා සිටිමි.

මුලින්ම අප ජංගම දුරකථන ඉතිහාසය ගැන විපරම් කිරීමේදී මුලින්ම අපට දැනග්න්නට ලැබෙන්නේ Land Mobile System ගැනවේ. මෙය වැඩිවශයෙන්ම පෙර කාලයේ යොදාගෙන ඇත්තේ හමුදාමය කටයුතුවලදී හා පොලිස් රාජකාරි වලදීය. මෙය සදහා භාවිතා කරන ලද්දේ High Frequency (HF) සහ Very High Frequency (VHF) වේ. HF- 2.7MHz VHF-27MHz.
මෙම ජංගම දුරකථනවල ඉතිහාසය ඉතාම සංඛීර්නය, එය අතීතයේ පටන් සුලු සුලු වෙනස්වීම් යටතේ නව්‍යකරනය වෙමින් පවතී. අදටත් එය එසේම වේ. දිනපතා ඒවාට අලුත් නිර්මානයන් එකතුවෙමින් පවතී. එය පොදුවේ අද ලෝකයේ 80% දෙනා භාවිතා කරන GSM තාක්ශණයටද අදාල වේ.
වර්ශ 1970 පටන් සෙලියුලර් තාක්ශණය දියුනුවීමට පටන්ගත්තා. මෙය වඩාත්ම දියුනුවීමට බලපෑ ප්‍රධාන ක්‍රියාවලියනම් යොදාගන්නා සීමා සහිත සංඛ්‍යාතයන් නැවත භාවිතා කිරීමේ ක්‍රියා පටිපාටියයි. සියලු දේම ස්වයංක්‍රීය මට්ටමක පවත්වාගැනීමද තවත් වාසියක් බවට පත්වූවා. තවත් දෙයක් නම් එක් Cell එකක සිට තවත් Cell එකක්ට ඇතුලුවීමේදී අදාල ග්‍රාහකයාගේ දුරකථන සම්බන්දතාවය බිදවැටීමකින් තොරව දිගටම පවත්වා ගැනීමට හැකි වීමද වාසියක් විය.
මෙහිදී ඇතිවූ ප්‍රදාන ක්‍රියාදාමයන් නම්

  • 1st Generation
  • 2nd Generation
  • 3rd Generation හා නවතම අංගය නම්
  • 4th Generation වේ.
පළවන තාක්ශණයේදී එතරම් දෙයක් ජංගම දුරකථන ඉතිහාසයට එකතු වූවේ නැත. නමුත් සාමාන්‍ය ක්‍රියාදාමයන් තුනක් තාක්ශණ ලෝකයට දායාද විය. ඒවානම්

  • Advanced Mobile Phone Service (AMPS)
  • Nordic Mobile Telephony (NMT)
  • Total Access Communication System (TACS)
මේවා නිසා ඇතිවු වාසි ගෙනහැර දැක්වීමද අගනා දෙයකි. ඒ නම්
ජාත්‍යන්තර රෝමිං පහසුකම දියුනුවීම, අඩු වියදම් සහිතව මොබයිල් ජාල හා බේස් ස්ටේශන් පහසුකම,  නවීකරන වූ පහසුකම් වලට ඇති ඉඩ ප්‍රස්තාව මෙහිදී විශාල වශයෙන් වැදගත් වේ. තව තාක්ශණික කරුනු විශාල ප්‍රමාණයක් ඇත එවා සියල්ල මෙහි දැක්වීමෙන් තේරුම් ගැනීමට හැකි දේ පවා නොතේරෙන මට්ටමක්වේ යන හැගීම මා තුල ජනිතවේ. එම නිසා අවශය පුද්ගලයෙක් වෙතොත් කමෙන්ට් එකක් මගින් දන්වන ලෙස ඉල්ලා සිටිමි.

දෙවන තාක්ශණයෙන් අප දැන් 80% භාවිතා කරන GSM තාක්ශණය හදුන්වා දෙනුලැබින. 1991 දී හදුන්වා දෙනු ලැබූ මේ දෙවන තාක්ශණය (2nd Generation) අනු කොටස් තුනකින් සමන් විත වේ. ඒවා නම්

  • GSM
  • CDMAone
  • PDC
මේවායින් වැඩි වශයෙන්ම ලෝකයේ භාවිතා වෙන්නේ GSM තාක්ශණයයි. GSM වර්ග තුනක් භාවිතාවේ පවතී,

  1. GSM 900
  2. GSM 1800
  3. GSM 1900
මෙහිදී දක්වා ඇති තුන්වන හා හතරවන තාක්ශණයන්ගෙන් වෙනස් වන්නේ දත්ත ලබගන්නා වේගයෙහි වැඩිවීම පමනි, නමුත් සුළු වෙනස්කම් හා නව තාක්ශණ වර්ගද ඇතිවිය, මා ඒවා ඉදිරි සටහන් වලින් ලබාදීමට බලාපොරොතු වෙමි.

මේ පිළිබද මේ සටහනේම තවත් විස්තර මා මාගේ වෙබ් අඩවියේ මේ සටහනට අදාල වෙබ් පිටුවේ දක්වා ඇත, එයත් නරබා තව මේ දැනුම වැඩිකරගන්නා මෙන් ඉල්ලා සිටිමි. මෙන්න ලින්ක් එක
http://www.shaggiyashelp.tk/2011/06/blog-post.html
ඔබ සැමට සුබ දවසක්.


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More