Friday, June 17, 2011

මොකක්ද මේ wifi කියන්නෙ?

මේ මොකක්ද කියල ඉතින් ගොඩක් අය දන්නවනෙ.ඒත් online හෙල්ප් එකේ සමහර අය දාල තිබ්බ සමහර ප්‍රශ්න දැක්කම මට හිතුන මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඇත්තටම  wifi කියන්නෙ Wireless Fidelity කියන එකයි. ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප්, ipod,වගේ උපකරණ මේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පුලුවන්.ඕව ගැන ඉතින් තව කතා කරල වැඩක් නහැනේ.
අපේ අයට තියෙන ප්‍රශ්න ගැන අපි කතාකරමුකො.


  • ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපිටත් පුලුවන්ද  wifi zone එකක් හදාගන්න?
ඔව් පුලුවන්, මේකට ඉතින් wifi රවුටරයක් ගන්න ඕනෙ. සාමාන්‍ය රවුටරයකට වඩා මේක පොඩ්ඩක් ගණන්. සාමාන්‍යයෙන් rs.6500 ක් විතර වෙයි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාව රවුටරයට සම්බන්ධ කරන එක. ඔන්න දැන් වැඩෙ හරි. ලැප් එකක් තියෙනවනම් ඉතින් අවුලක් නැතිවම යන්න පුලුවන්. සාමාන්‍ය පරිඝනකයට සවි කරනවනම් ඉතින් Wifi Dongle එකක් හයි කරගන්න වෙයි.

  • Wifi නොමිලේද දෙන්නෙ?
අපේ ගෙදර හදාගත්ත එකක්නම් ඉතින් අන්තර්ජාල සම්බ්න්ධතාවට ගෙවන මුදලම ගෙවන්න ඕනෙ,  wifi hotspot එකකනම් ඉතින් පාස්වර්ඩ් දාලනම් එක්කො සල්ලි දීල යන්න ඔනෙ නැත්තම් ඉතින් වෙන ජිල් මාර්ට් එකක් දාන්න ඕනෙ. Airport එකෙ, Universitiesවල, Instituteවල වගෙ ස්ථාන වල hotspot තියෙනව.

  • කෙතරම් වේගයකින් හා දුරකට දත්ත සන්නිවේදනය කළ හැකිද?
ඒක ඉතින් අපේ අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය මත තමයි රදා පවතින්නෙ. දුරනම් ඉතින් රවුටර් එකේ ස්ටැන්ඩර්ඩ් එක මත තමයි. පල්ලෙහයින් දාල තියෙනව ලිස්ට් එක,
Type Frequency Maximum Data Rate Modulation Indoor Rate Outdoor Rate
2.4GHz 2Mbps   FHSS/DSSS 20m 100m
a 5GHz 54Mbps OFDM 35m 120m
b 2.4GHz 11Mbps DSSS 40m 140m
g 2.4GHz 54Mbps OFDM 40m 140m
n 2.4/5GHz 300Mbps SDM 70m 250m

  • මොනවද මේ wifi වල වාසි?
  1. Wifi Signal තිබෙනා ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව
  2. එකවර් Wifi සහිත උපාන්ග කිහිපයකින් උවද සම්බන්ධ වීමේ හැකියාව
  3. Network Cable ඇදීම සදහා යන වියදම නැතිවීම

මේක මගේ පුන්චි උත්සාහයක් පමනයි. හොද? නරක? වැරදි එහෙම තියෙනවනම් කියන්න

http://gadgematicslk.blogspot.com/ මගේ බ්ලොග් එකට ගිහින් comment එකක් දාන්න, Follow පාරකුත් දාන්න


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More