Friday, June 17, 2011

පරිගණකයට රිංගන ඇට මීයෝ....!! RAT Hack!..

මොකක්ද රැට් හැකින් කියන්නෙ කිව්වොත් හරිම සරලයි.. Remote Administration Tool Hack ඒක තමා කෙටියෙන් R A T වෙලා ති‍ෙයන්නෙ.. ඔයාලව මේකට ගොදුරැවෙන ක්‍රම කිහිපයක් තියෙනවා..
අංක එක නොදැනුවත්කම...
කාගෙන් හරි ඔයා උදව්වක් ඉල්ලුවොත් එයා ඔයාගෙ පරිගණකයට ලොග් වෙන් සමහර විට ටීම්විවර් වගේ ටූල් එකක් පාවිච්චි කරාවි.. නමුත් එයාට ඒකෙ සෙටින්ග්ස් වෙනස් කරල ඔයා නැති වෙලාවට ලොග් වෙන්නත් පුළුවන්.. ඉතින් මේ කියපු සොෆ්ට්වෙයා ගැන දැනුවත් වෙන්න..පාචිච්චි කරල අත්හදා බලන්න.. පරිගණකයේ ඩෙස්ක්ටොප් එකට ‍ෙහ‍ාරෙන් ලොග් වෙන සොෆ්ට් ටූල්ස් ඕනි තරම් තියෙනවා.. ඉතින් මිතුරැ වෙසින් පෙනී සිටින මිත්‍ර ප්‍රතිරෑ පකයන්ගෙන් ප්‍රවේසම් වන්න.. යම් කාර්යාලයක පරිගණක ජාලකරණ පරිපාලකයා අසහන කාරයෙක් නම් එයාටත් ඕක ලේසියෙන්ම කරන්න පුළුවන්. VNC වගේ ටූල් එකකින් කරදරයක් නැතුව ලොග් වෙලා කරන කියන ඒවා බලං ඉන්නත් පුලුවන්. අනික ඒකෙන් ලොග්වුණාම ඒක හොයන්න පුළුවන්..ඒකත් හයිඩ් කරල දාන්න පුළුවන් හරියට අර යූ ටොරන්ට් වල බොස් කී එක වගේ.
මේ මම කිව්වෙ සරල දේවල් ටිකක්..
ඊමේල් ඇටෑච්මන්ට් වලින්, චැට් මැසේජ් හරහා දෙන ලින්ක් වලින් පරිස්සම් වන්න...ඉන්ටනෙට් එක නොදැන භාවිතකලොත් හරිම භයානක තැනක්.. නොදන්න ලින්ක් එකකින් විනාශකාරී දේවල් ගොඩක් කරන්න් පුළුවන්.
මේවා වළකන්නට නම්.......
 ඇඩ්මිනිස්ට්‍රේටර් එකවුන්ට් එකේ වැඩ නොකර යූසර් එකවුන්ට් එකක් හදා ගන්න. (පසුව ලිපියකින් වෛරස වලින් බෙරෙන හැටි කියල දෙන්නම්)

වින්ඩෝස් අප්ඩේට් කරන්න. සිකියුරිට් පැච් දාගන්න (කරයි අපි මේවා!! පරිරේට් එකේ!) අවුලක් නෑ සර්විස් පැක්වත් දා ගන්න.

වින්ඩෝස් ෆයර්වොල් එක ඔන් කරන්න. ඒක ගොඩක් ප්‍රබලයි අපි වහල දැම්මට!

ඔක්කොම පරිරේට් සොෆ්ට්වෙයා පාවිච්චි කරන එකේ වෛරස් ගාඩ් එකවත් සල්ලි දීල ගන්න. ඒකෙ තියෙන ෆයර්වොල් එක හොදටම ඇති! අපි කරන්නෙ ගල් බමුණො වගේ වෛරස් ගාඩ් එක දාල අප්ඩේට් කරල විතරක් රිලව් වගේ බලාගෙන ඉන්නවා!! එකෙ‍ක් වත් ඒකෙ ෆයර්වෝල් එක වත්, කන්ෆිගරේෂන් සෙටින්ග්වත් හදන්නෙ නෑ කස්ටමයිස් කන්ෆිගර් කරල!! ඊට පස්සෙ මොනව හරි ඇටෑක් එකක් ආවම වෛරස් ගාඩ් එකයි..එක හදපු එකාගෙ මෑණියන්ට හචින් යනකං බණිනවා..වැරැද්ද අපේ අතේ තියෙද්දි!!!


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More