Friday, June 17, 2011

BIOS අප්ඩෙට් කරමු - SEMI FINAL!!!

කතන්දරය නැවැත්තුවෙ අපි ටූල් එකයි, බයොස් ෆයිල් එකයි බාලා බඩු පැත්තකින් තියපු තැනින්.. දැන් කරන්න තියෙන්නෙ මෙච්චරයි.. අර කියපු අසූස් ටූල් එක ඉන්ස්ටොල් කරන්න.. ඒකෙ පියවර 4ක් ඇති

  1. UPDATE/SAVE BIOS FROM/TO FILE
  2. UPDATE SYSTEM BIOS USING A SPECIFIED BIOS FILE ON ASUS WEB SITE
  3. DOWNLOAD A SPECIFIED BIOS IMAGE FILE VIA INTERNET
  4. CHECK BIOS INFORMATION
කියල තියෙනව මේවා තමා මේකෙන් කරන්න පුළුවන්. ඊට යටින් DROP DOWN MENU එකේ
SAVE CURRENT BIOS TO FILE
UPDATE BIOS FROM FILE
UPDATE BIOS FROM INTERNET
DOWNLOAD BIOS FROM  INTERNET
CHECK BIOS INFORMATION
OPTIONS
කියල තියෙනවා... ඉතින් මොන දේ කරන්නත් තියෙන බයෝස් ෆයිල් එකේ බැකප් එකක් ඉස්සෙල්ලම හාඩ් එකේ කොහේ හරි තියාගන්න.. මොකද මොනව හරි ජංජාලයක් වුණොත් තිබ්බ එකවත් ගහල තියල හිත හදාගන්න..! අර අපේ ගෘප් එකේ මල්ලියෙක් කියල තිබුණා...‘‘අනේ මට නං ඕක එපා..මම අප්ඩේට් කරද්දි ඕෆ් වුණා.. දැන් තාමත් ඕෆ්!!!‘‘ කියල. ඒකට හේතුව තමා බාගෙට දැනගෙන වැඩේට බැසීම..
ඒක නිසා Save Current Bios File තෝරල ඒකට නමක් දීල කොහේ හරි මතක හිටින තැනක සේව් කරගන්න..නැතුව ඊට පස්සේ දක පූච්ච බල්ලා වගේ දාපු තැන හොයනවා..මොකද තියෙන හදිසියට දෙන්නේ මොනා හරි නමක්..ඒක පස්සෙ මතක නෑ! (මේ කියන මාත් ඔහොම කරනව..ඒකයි)
දැන් ඔන්න පළවෙනි කොටස ඉවරයි.. දෙවැනි කොටසේදි ආයෙත් අර ටූල් එකෙන් UPDATE BIOS FROM FILE කියල තෝරල ඉදිරියට ගිහින් ඔයා අර කලින් බාගත්තු චූටි කිලෝබයිට් ගාණක ෆයිල් එක බ්‍රවුස් කරල දීල ඉදිරියට යන්න හැම දේම හොදින් කියවල ෆ්ලෑෂ් බොත්තම ඔබන්න.. පොඩි වෙලාවකිදි අර චිප් එක ෆ්ලෑෂ් වෙනව පෙන්නන්න ගනී. කොටසින් කොටස ෆ්ලෑෂ් වෙන හැටි. ඊට පස්සෙ දෙයියනේ කියල මැෂින් එක රීස්ටාට් කරන්න. හරියට රීස්ටාට් වුණොත් හරි.
දැන් ප්‍රොසෙසරය සපෝට් කිරීම හෝ, මෙමරි ධාරිතාව හෝ, බූට් වෙගයෙහි හෝ තිබ්බ ලෙඩක් නැති වී ඇතිනම් එය මගේ සතුටයි.
2. MSI (Microstar Int.)
වැඩිම බයෝස් ටූල් ගණනක් නිකුත් කර ඇති සමාගමයි.. සියලුම වාගේ 478 මොඩල හා 775 සපෝට් මොඩලයන් වලට සහයෝගය දක්වයි.
ක්‍රියාකාරීත්වය බොහෝ හොද මව්පුවරැවකි..දැන්නම් කොහොමද දන්නේ නැත.. නමුත් කුජීත ඉන්ටෙල් බෝඩ් එකට වඩා හොදය.. ඉන්ටෙල් වල G43, G45, P35 වැනි බෝඩ් ගොඩක් හොද වුණත් අනික්වා අන්තිම සවුත්තුය..
දැන් ඔන්න MSI කතාව..... MSI ල ගහපු බෝඩ් වලින් බාගයක් විතර වින්ඩෝස් වල ඉදන් බයොස් ගහන්න බෑ. නමුත් වාසනාවකට ටිකක් ප්‍රසිද්ධ වෙව්චි ලංකාවට ආපු බොහොමයක් බෝඩ් වැඩේට සෙට් වෙනවා..
මෙයාලා පාවිච්චි කරන්නේ MSI Live Update කියල පොඩි ටූල් එකක්. ඒකෙන් MSI  බෝඩ් වල Drivers ඔක්කොම බාගන්න පුළුවන් වාත වෙන්නෙ නැතුව. අනෙක් කාරණේ මේක තමයි BIOS අප්ඩේට් එකට පාවිච්චි කරන්නෙත්. MSI Live Update 2, 3, 4, 5 කියල තියෙනවා. 478 බෝඩ් වලට 2යි 3යි තමා හරියන්නෙ.. පරණ LGA බෝඩ් වල ඉදන් අද වෙනක්න් ආපුවට Live Update 4,5 තමා හරියන්නෙ.. මේක දැන් බාගමුකො.
ඒ වගේම ෆ්ලොපියෙ/පෙන් රාජයගෙ ඉදන් බයොස් අප්ඩේට් කරන හැටි ගැන හොද විස්තරයක් මෙතන තියෙනවා.. මේක ටිකක් ලොකු කරගෙන හිමින් හිමින් කෑල්ලෙන් කෑල්ල කියවන්න.. මේක දැනුමට
http://us.msi.com/support/BIOS_AMI.asp
උඩ මහා හෑල්ලක් වගේ ලිනක් එකේ කියපු කතාව සරල ව බලන්න..
http://www.youtube.com/watch?v=U8IBbrYq61E
http://www.youtube.com/watch?v=rPKx8a96fwI&feature=related
දැන් මම මුලින් ලිපිවල කිව්ව වගේ ආයෙ කියන්නෙ නෑ..අදාළ සයිට් එකට ගිහින් බයොස් ෆයිල් එක බාගන්න..
උදා- MSI  K8N-NEO AMD PLATFORM MOTHER BOARD
මේක මා ගාව තියෙන පරණ බෝඩ් එකක්.. අවුරැද්දකට කලින් MSI නිල අත ගසනවා සයිට් එකේ මේක තිබ්බ. දැන් වේබ් එකත් වෙනස් කරල.. පරණ බෝඩ් වලට බඩුත් නෑ.. ඒවෙලාවට පිට තැන් වලින් තමයි ගන්න වෙන්නෙ..මම ඒකයි.. මේ වගේ හොයන්න අමාරැ එකක් උදාහරණෙකට ගත්තෙ.
මෙයාලත් ෂුවර් කට්ටියක්
http://www.techspot.com/drivers/driver/file/information/7457/
http://drivers.softpedia.com/get/BIOS/Msi/MSI-K8N-Neo-20-Series-Bios.shtml
දැන් ටූල් එක බාගන්න - එක එක ටූල් වර්ෂන් වෙන වෙනම ඇති..
MSI Live Update 2 - http://www.download3k.com/Drivers/Motherboard-BIOS/MSI/Download-MSI-Live-Update-2.html
MSI Live Update 3 - http://drivers.softpedia.com/get/GRAPHICS-BOARD/MSI/MSI-Live-Update-360.shtml
MSI Live Update 4 - http://www.userdrivers.com/Motherboard/MSI-Live-Update-4-0-020-for-Windows-98-Me-2000-XP-Vista-7/
MSI Live Update 5 - http://www.msi.com/service/liveupdate/
මෙයාලගේ ඔන් ලයින් ටූල් එකකුයි.. ඔන් ලයින් නොවන ටූල් එකකුයි 2ක් තියෙනව.. ඔන් ලයින් නොවන එක බාගන්.. මොකද අපි කරන්නේ මැනුවල් අප්ඩේට් ක්‍රමය නිසා.
දැන් සුපුරැදු පරිදි සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරල ඉවර වුණාම අහයි ඔන් ලයින්ද නැද්ද කියල.. එතනදි නෑ කියල ඉස්සරහට යන්න..සුපුරැදු ලෙසම තියෙන එක සේව් කරල  අලුත් එක ගහන්න...හරිම සරලයි.. සමහර වෙලාවට ලින්ක් වල කියන ටූල් වර්ෂන් නෙවෛයි තියෙන්නෙ..ඒවෙලාවට හොයල ගන්නම වෙනවා.
තිර සටහන් Screen shot එක්ක මෙන්න ඔයාලට හරිම ලේසියෙන් පියවරෙන් පියවර MSI අප්ඩේෂන් එක තියෙනව.
http://us.msi.com/index.php?func=html&name=liveupdate3_step
අංග සම්පූර්ණව තවදුරටත් බයොස් අප්ඩේට ගැන දැනගන්න ඕනි අය මෙතනට ගිහින් බලන්න..නොතේරෙන දේවල් අහන්න...
http://www.biosflash.com/e/bios-update-howto.htm
http://www.hardwaresecrets.com/article/33
http://www.biosman.com/biosrecovery.html

අවසාන කොටස වෙසක් පුන් පොහෝදින ප්‍රකාශයට පත් කරනු ඇති. ලිපිය කොටස් 5කින් යුක්තවීම ගැන බලවත් කනගාටුව.. කාලයගතවීමත් අමතක වෙන තැන් වලට අදාල බෝඩ් එකක් තියෙන මැෂින් එකක් අරගෙන බයෝස් අප්ඩේට් කරන ගමන් තමයි මේක ලියන්නෙ..නැතුව හැම දේම අකුරක් නෑර මතක තියාගන්න බෑනෙ.
INTEL, GIGABYTE, FOXCONN වලින් මේ ලිපිය අවසන් කරනවා..අදහස් උදහස් වහාම යොමුකරන්න... පුද්ගලිකව මෙවැනි දෙයකත් කරනවා නම් onlinehelpservice@gmail.com  වලට මේල් එකක් දාන්න දුරකතන අංකය එක්ක.සී.යූ මෙයාලා.....


1 comments:

Anonymous said...

Tnx Godak watinawa

Share:
Twitter Delicious Facebook Digg Favorites More