Saturday, June 18, 2011

රිමෝට් කී ලොගර් ප්‍රතිවාදියාගෙන් ගැලවෙමු ...P1


කී ලොගර් කිව්වම ඔයාල දන්නවනේ ඉතින් ජාති කීපයක් තියෙනවා ඒකෙන් ටිකක් දරුණු එකක් තමයි රිමෝට් කී ලොගර් කියන්නේ.. මේ ගැන දන්න අයනම් කොහොමහරි බේරෙනව ඒත් නොදන්න අය  මේ ගැන නොදන්නා කමින් ගැටළු රාශියකට මුහුණ දෙන නිසා,,  මේ ගැන මම දන්න දේවල් සරලව පියවරෙන් පියවර හැමෝටම තේරෙන විදියට ලිපි කීපයකින් ඔයාලව දැනුවත් කරන්න ඕනෙ කියල මම හිතුවා.. ඉතිං මං අද ඉඳල කියල දෙන්න යන්නේ  රිමෝට් කී ලොගර් වල මම දන්න සම්පූර්ණ ක්‍රියාවලිය ගැනයි.
එහෙනම් අහගන්නකෝ මේ රිමෝට් කී ලොගර් හදන අයගේ මූලික ඉලක්කය තමයි අන් අයගේ දත්ත සොරා ගැනීම. දත්ත කිව්වම ගොඩක් දේවල් ඒකට අයත් වෙනවා ඒවගෙන් රහස් වචන වගේ එව්ව තමයි මෙයාලගේ ප්‍රධාන ඉලක්කය
ඊට අමතරව අසභ්‍ය දෑ නිර්මාණයට හා පෞද්ගලික වාසි රැසකට අන් අයගේ දත්ත මෙම පුද්ගලයන් සොරා ගනු ලබනවා..
ඉතින් අපි බලමු මේ රිමෝට් කී ලොගර් අපිට ලැබෙන්නෙ කොහොමද කියලා
ප්‍රධාන වර්ග තුනයි,
1.Setup Files
2.Crack
3.Keygen
මතක තියාගන්න මම මේ කිව්වෙ ප්‍රධාන 3 විතරයි මීට අමතරව විවිද ක්‍රම රාශියකින් මෙව්වා අපිට ලැබෙන්න පුලුවන්...
මෙහි දරුනු ස්වභාවය තමයි රිමෝට් කී ලොගර් එකක් ස්තාපනය වූ පසු එවැනි දෙයක් ස්තාපනය වී ඇති බව පරිගනකය පරිහරනය කරන්නාට කිසිදු ඉඟියක් නොදැනීමයි..

අපි නොදැනුවත්වම අපගේ පරිගණකයේ මෙම රිමෝට් කී ලොගර් එකක් ස්ථානනය වුවහොත්අප එදිනෙදා පරිගණකයේ  කරනා සෑම ක්‍රියාවලියක් පිලිබඳවම එය ඉතාමත් පැහැදිලි වාර්තාවක් ආකාරයෙන්  අදාල රිමෝට් කී ලොගර්  එක නිර්මාණය කල පුද්ගලයාට ලබා දෙයි . එපමනක් නොව අද වන විට මෙහි දියුනුවත් සමග අපගේ පරිගණකය පහසුවෙන්ම අපට නොදැනී හැසිරවීමටත් හැකි වන අයුරින් මෙමෙ  රිමෝට් කී ලොගර්  නිපදවයි..

අදට මෙච්චරයි ඊලඟ ලිපියෙන් මං ඔයාලට රිමෝට් කී ලොගර් නිපදවීමේ ක්‍රියාවලිය පැහදිලි කර දෙන්නම් එතකං ඔයාලට සුභ..!

 ( සැ.යු- මෙම ලිපියෙහි අඩුපාඩු ඇති නම් ඒ පිලිබඳව සමාව භජනය කරන ලෙසත් එම වැරදි නිවැරදි කරන ලෙසත් කාරුනිකව ඉල්ලමි... ) 


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More