Friday, June 17, 2011

අපිටම කියල බ්ලොග් එකක් හදා ගමු!

ඔන්න ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ අපි කොහොමද අපේම කියල සවර් එකක අපිටම කියල ඩොමේන් එකකුත් අරන් එකේ අපේම කියල බ්ලොග් එකක් හදාගන්න හැටි. ( හරියට මගේ එක වගේ :lol: )  හැබැයි ඉතින් සත පහක්වත් වියදම් කරගන්නේ නැතුව. මේක ඉතින් බ්ලොග් ලියන අයනම් හොඳටම දන්න දෙයක් වෙන්න ඕනේ. එත් ඉතින් මම මගේ බ්ලොග් එක පටන්ගන්න කාපු කට්ට මමනේ දන්නේ. අන්න එක නිසා තමා මම මේ දේ ඔයාලට කියල දෙන්න හිතුවේ. හැබැයි ඉතින් වැඩේ පටන්ගන්න කලින් කියන්න ඕනේ මූණු පොතේ ඩොක එකට වඩා මේක නියමටම බලන්නනම් බ්ලොග් එකටම යනඑක හොඳයි කියල. http://www.themyblog.tk/?p=96 )
හරි ඉතින් කියව කියව ඉන්නේ නැතුව කෙලින්ම වැඩේට බහිමුකො... මම කියල දෙන්න යන්නේ වර්ඩ්ප්‍රෙස් වලින් වැඩ කරන බ්ලොග් එකක් හොඳේ. ( බ්ලොගර් වලින් ඕනෙනම් හැකා (-HacKrisH-) මේ ලිපිය කියවන්න. http://bit.ly/hackrishz_blogger  ) මුලින්ම අපි අපේම ඩොමේන් එකකින් බ්ලොග් එකක් පටන්ගන්න නම් ඩොමේන් එකක් තියෙන්න ඕනෙනේ. ඒක නිසා මුලින්ම යන්න www.dot.tk එකට. හරි දැන් ඔයාට ඕනේ ඩොමේන් එකක් එතනට දෙන්න හරියට මෙන්න මේ වගේ.  . හරි දැන් Next කරන්න. දැන් එකේ Use custom DNS Services එක තෝරලා නේම් සවර්ස් විදිහට ns1.freezoka.net / ns2.freezoka.net මෙන්න මේ ටික දෙන්න. තේරෙන්නේ නැත්තම් මෙන්න ස්ක්‍රීන්ෂොට් ටිකකුත් අප්ලෝඩ් කොරා. ඒ ටික මෙතනින් බාගන්න. ( http://www.mediafire.com/?gtfan0guv221a6s ) හරි දැන් ඒක ගැන වැඩිය කථා කරන්නේ නෑ. මොකද ඒක ඔයාලට තනියම කරගන්න පුළුවන් නිසා. ඔන්න ඒ සේරම ටික පුරවලා ඊ මේල් address එකත් confirm කරගෙන අයෙමත් ඩොට්.ටීකේ එකට ලොගින් වෙන්න. [ confirmation mail එක බොහෝවිට ස්පෑම් වල ඇති ]. හරි දැන් එකට ලොගින් වෙලා My domain වල Modify a domain වලට යන්න. එකේ මොඩිෆයි කියන එක ක්ලික් කරන්න. එකේ Use custom DNS Services වල නේම්සවර්ස් මෙන්න මෙහෙම දෙන්න.

  • ns1.freezoka.net
  • ns2.freezoka.net
  • ns3.freezoka.net
  • ns4.freezoka.net
හරි දැන් Next කරන්න. එතකොට Successfully updated changes. කියල එකක් ආවනම් වැඩේ බාගයක්ම ගොඩ.

දැන්  අපි ගන්න ඕනේ අපිටම කියල සවර් එකක්. ඒක ගන්න යන්න ෆ්‍රී සෝකා.නෙට් එකට. ගිහින් එකේ free hosting යටතේ සයින් අප් වෙන්න. ඊට පස්සේ එනවා ඔයාට confirmation mail එකක්. එකෙන් confirm කරගෙන ඉන්නකෝ. හරි දැන් ෆ්‍රී සෝකා එකට මෙන්න මේ විදිහට විස්තර වික දෙන්න. ( මතක තියාගන්න ෆ්‍රී සෝකා ෆ්‍රී ඩොමේන් එකකින් නම් ගන්න එපා හොඳේ ) ඊට පස්සේ create කරන්න. වැඩේ හරි කියල ආවනම් දැන් control panel එකට යන්න. එකේදී Website යන්න යටතේ ඇති Auto Installer ක්ලික් කරන්න. එහි Install WordPress නැමති බට්න් එක ක්ලික් කරන්න. ( මෙතැනදී දෙන Administrator username සහ password තමා ඔයාගේ බ්ලොග් එකේ ඔයාට ලොග් වෙන්න ඕනේ කරන විස්තර ටික. )  හරි දැන් ෆෝරමය පුරවා එන මැසේජ් බොක්ස් එකෙන් OK කරන්න. මෙච්චර වෙලා කරපු වැඩ ටික හරිනම් ඔයාගේ බ්ලොග් එකේ වැඩ මේවනවිට බොහෝසෙයින් අවසන්. දැන් ලොග් වෙන්න ඔයාගේ cPanel එකට එකේ උඩින් නිල් පාට බොක්ස් එකක " Your domain is not pointing to our nameservers at the moment, so... " කියල දිග හෑල්ලක් තියනවද. එහෙනම් එක්කෝ ඔයා ඩොට්.ටීකේ එකට දීලා තියන නේම් සර්වර්ස් වැරදියි, එහෙමත් නැත්තම් තාමත් ඒවා ටික හරියට ස්ථාපනය වෙලා නෑ. කෝකටත් පැය 24 ක් ඉවසල බලන්න. (මෙන්න මෙහෙම --> )

හරි දැන් පැය 24 කට පස්සේ හරි වැඩේ හරිගියානම් අපේ වැඩේ ගොඩේ ගොඩ. ම්ම්ම් කොහොමද දැන් තියන සතුට. කියල කියල නිම කරන්න බෑ නේද. හරි දැන් ඔයා ඔයාගේ බ්ලොග් එකේ ඇඩ්මින් විදිහට ලොග් වෙන්න. ඒ සඳහා සයිඩ් බාර් එකේ Meta යටතේ Log in ක්ලික් කරන්න. දැන් ලොග් වෙච්ච ගමන් ඉතින් කරන්න ඕනේ දේ හිතා ගන්න බෑ නේද ? ඔව් අන්න ඒක නිසා මම කියන්නම් කරන්න ඕනේ දේ. මුලින්ම කරන්න ඕනේ WordPress වල අලුත්ම වර්ශන් එකට අප්ඩේට් කරගන්න එක. ඒක කරගන්නේ Dashboard යටතේ Updates ක්ලික් කරන්න. එහි update automatically යන්න තෝරා ඉබේම අප්ඩේට් වෙන්න දෙන්න. ඊට පස්සේ WordPress updated successfully කියල එනකන්ම ඉන්න. හරි දැන් ඔයාගේ බ්ලොග් එක හදන වැඩේ 100%ක් ම ඉවරයි.
දැන් ඉතින් ඔය තියන එක එක බට්ටන් ඔබ ඔබ බලන්න මොකද වෙන්නේ කියල. මේ ලිපිය දිග වැඩි නිසා මම වෙනින් ලිපියකින් කියල දෙන්නම් කොහොමද දැන් ඕකේ එක එක වැඩ කරගන්නේ කොහොමද කියල. මම කියල දෙනකන්ම බලන් ඉන්නේ නැතුව ට්‍රයි කරලා බලන්න. තනියම වැඩේ අල්ල ගන්න පුළුවන් වෙයි.


ඔයාල මේ ලිපියෙන් මොකක්ම හරි දැනුමක් ගත්තනම් මට ඒ ඇති. තියන ගුණදොස් කියල කමෙන්ට් එකක් දාලම යන්න හොදේ ;) ...[ © ßuddh!ma - @ http://www.themyblog.tk/?p=96 ]


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More