Friday, June 17, 2011

ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම අවම ආයාසයකින් බලා ගැනීමට

Hackrish Man
සුබස ඉඟිය යනු ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය සඳහා ඈඳිය හැකි, සිංහල ඔබට බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයකි. එමගින් මූලිකව ම සිදු කරනුයේ ඔබ කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම අවම ආයාසයකින් බලා ගැනීමට සැලැස්වීමයි. මෙම ඈඳුම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ හෝ තන්ඩබර්ඩ්හි ස්ථාපිත කිරීමෙන් පසු, ඔබ කළ යුත්තේ ඔබට නොතේරෙන ඉංග්‍රීසි වදන මත මූසික දර්ශකය (mouse pointer) රැඳවීම පමණි. ක්‍ෂණිකව ඉංග්‍රීසි වදනට අදාළ සිංහල තේරුම එම වදනට පහළින් දිස්වෙනු ඇත. ඉංග්‍රීසි වදනින් මූසික දර්ශකය ඉවත් කර ගත් වහා ම තේරුම අදෘශ්‍යමාන වේ. එනම් යම් වෙබ් පිටුවක අන්තර්ගතය කියවීමට කිසිම බාධාවක් නොමැති ව නොතේරන ඉංග්‍රීසි වදන්වල සිංහල තේරුම් බලා ගැනීමට මෙම මෘදුකාංගය ඉඩ ප්‍රස්ථාව සලස්වා දෙයි. ඈඳුම් මෘදුකාංගය ස්ථාපනය කර ගත් දා පටන් අන්තර්ජාලයේ ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටු කියවීමේ දී ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් භාවිත කිරීමට අවශ්‍ය නොවේ. 

Download :  http://subasa.lk/downloads/ingiya/IngiyaBetaV2.xpi

How to Install : http://subasa.lk/ingiya-download.php


chrome වලට මේ extension එකhttps://chrome.google.com/webstore/detail/oggfjjcgbjiohneigdnplgejmfpbkfid Censitip යනු සිංහල ශබ්ද කෝෂයකි. censitip ස්ථාපනය කරගෙන ඉංග්‍රීසි වචනයක් double click කළ විටඑහි සිංහල අරුත ලබාදෙයි.
 


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More