Friday, June 17, 2011

මෙන්න පුල පුලා බලා සිටි අපූරැ ගැජට් එක ගැන විස්තර...මාර වටින බඩුවක්...!!

අද කියල දෙන්ඩ යන්නෙ ඊයෙ කිව්වත් වගේ නියම භාණ්ඩයක් ගැන.. කට්ටිය දත මැදගෙන බලාගෙන හිටියේ මොකක්ද කියල දැනගන්නනෙ... මේක පුදුම හිතෙන භාණ්ඩයක්. මේකෙන් කරන්නෙ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන එක.

මොකක්ද මේකෙ තියෙන වාසිය???

එකක් තමයි මේක සයිස් එකෙන් රවුටරේකට වඩා පොඩියි.
5V  කරන්ට් එකක් දෙන්නයි ඕනි.
දවසෙම කොම්පියුටරේ දාල නිකං කරන්ට් පුච්චගන්න ඕනි නෑ.
කොම්පියුටරේ වැඩකරද්දි ස්ලෝ වෙන්නෙත් නෑ..
ඇති තරම් ටොරන්ට් බාන්න පුළුවන් පාඩුවෙ ඉදගෙන
අනික කම්පියුටර‍ය ඕන නොකර නෙට්වර්ක් Printer විදියට පාවිච්චි කරන්නත් පුළුවන්.. ඒ කිව්වෙ Printer Server එකක් විදියට..

මෙතන සරලව වෙන්නෙ මේකයි.
ඉස්සෙල්ලා අපිට බාන්න ඕනි දේවල් වල ටොරන්ට් ෆයිල් කොම්පියුටරේට බාගන්න.. එකපාර ගොඩක් ටොරන්ට් ෆයිල් බාගන්නකො
ඊට පස්සේ අර ගැජට් එක කනෙක්ට් කරල එක ඇක්සස් කරන්න.
හරියට 192.168.1.1 ගහල රවුටර් ඉන්ටෆේස් එකට ලොග් වෙනවා වගේ..
ඒ අපි ලොග් වෙන ඉන්ටර්ෆේස් එක ලිනක්ස් වලින් හදපු ෆර්ම්වෙයාර් එකක්..ඒකත් අප්ඩේඩ් කරන්න, කන්ෆිගර් කරන්න් පුළුවන්..
ඉතින් ඒකට අර අපි බාපු ලින්ක්ස් ටික Browse කරල Upload කරන්න...
ඊට පස්සෙ මැෂින් එක ඕෆ් කරල දාලා ගලෝල ගන්න අර ගැජට් එක අතට!
දැන් ඒකට රවුටරෙන් එන නෙට්වර්ක් කේබල් එකක් අරගෙන ගහන්න.. දිගටම රවුටරේ නම් ඔන් එකේ තියෙන්න ඕනි.
දැන් ගැජට් එකට පවර් දෙන්න. ඊට පස්සෙ පෙන් එකක් හරි USB හාඩ් එකක් හරි ගැජට් එකේ පෝර්ට් වලට ගහන්න..
දැන් ඉතින් ADSL වැඩ නම් බඩු බාන්න පටන් ගනී.

වැඩි විස්තර ඔක්කෝම මෙතනින්.. මිලදී ගන්නත් පුළුවන්.. කිසිම අවුලක් නෑ. මාත් ගත්තෙ ඔතනින්..

http://www.dealextreme.com/p/standalone-bittorrent-bt-client-usb-nas-ftp-samba-printer-upnp-sharing-network-lan-server-26320

Firmware ගැන තවත් විසතර මේ ලින්ක් එකෙන්
http://code.google.com/p/snake-os/

බිසනස් එකක් විදියට ෆිල්ම්, සොෆ්ට්වෙයා, ගේම්ස්, සින්දු බාන අයටත් ගෙවල් වල පාවිච්චියටත් මේකෙ වටිනාකම කියල නිමකරන්න බෑ..
මොකද පට්ට විදියට කරන්ට් එක පිරිමැහෙනවා..අපේ කොම්පියුටර් එකත් පරිස්සම් වෙනවා
හැබැයි හෙණ ගහද්දි නම් පාචිච්චි කරන්න එපෝ්්....


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More