Friday, June 17, 2011

HackerZ

මෙ දවස් වල HackerZ ගැන කතා නොකරම බැනෙ...... 

Hackers ල කොටස් දෙකයි. 
1. White Hat(Ethical hacking):
මෙයාල තමයි හොඳ අය. මෙයාල එයාලගෙ හැකියාවන් නීති විරෝදී හෝ අනිත් අයට පීධාකාරී ආකාරයෙන් යොදා ගන්නෙ නෑ. හරියටම කියනව නම් මෙයාල Security Experts ල. මෙයාල තමයි මම ඊලඟට කියන්න යන Black Hatලට එරෙහිව අවධියෙන් ඉන්නෙ. බොහෝ ප්‍රමුක පෙලේ ආයතන තුල ආයතනයේ පරිඝනක පද්ධතියේ ආරක්ෂාවට මෙවැන්නෙක්ගෙ උපකාරය ලබාගන්නව.

2. Black Hat:
මෙයාල තමයි නරක අය වශයෙන් සලකන්නෙ. මෙයාල තමන්ගෙ හැකියාව යොදාගන්නෙ නරක විදිහට(hack banks, steal credit cards, and deface websites). මෙයාලගෙ සේවය ලබාගන්න අයත් ඉන්නව. දන්නවනෙ ඉතින්. හොර වැඩවලට තමයි.

දැන් තේරෙනවනෙ. Hacker කියන වචනය නරකටම විතරක් යොදාගන්න වචනයක් වෙන්න බෑ.

Hacker කෙනෙකුගෙත් අවධි, නැත්නම් මට්ටම් තියෙනව.(Hierarchy එකක් තියෙනව)

1. Script Kiddies:
මෙයාල hacker කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අය. මෙයාලට කිසිම හැකියාවක්වත් දැනුමක්වත් නැහැ. මෙයාල කරන්නෙ Elite Hackersල develop කරපු tools use කරන එක විතරයි. ඒ tool එකේ ඇතුලතින් වෙන සිද්ධිය ගැනවත් මෙයාලට කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා මෙයාලට හිතල අවස්ථානුකූලව කටයුතුකරන්න බෑ. ඒ නිසා මෙයාල ඉන්නෙ රාමුවකට කො‍ටුවෙලා. රාමුවෙන් පිට පනින්න නම් මෙයාලට දැනුම අවශ්‍යයි. Hacking forum එකකට ගියොත් මේ වගේ අය ඕනෙතරම් ඉන්නව.

2. Intermediate Hacker:
මෙයාලට computers, networks ගැන දැනුමක් තියෙන අතරම තමන් බාවිතා කරන scriptඑකෙන් මොකක්ද කෙරෙන්නෙ කොහොමද කෙරෙන්නෙ කියන එක පිලිබඳ සාමාන්‍යය programming knowledge එකක් තියෙනව. නමුත් මෙයාලත් scrip kiddiesල වගේම attack එකට use කරන්නෙ pre-developed well-known exploits.

3. Elite Hacker:
මෙන්න මෙයාල තමයි නියම වැඩකාරයො. මෙයාල තමයි ඔය තියෙන හුඟක් hacker tools develop කරන්නෙ. මෙයාල අවස්ථාවට යෝග්‍යය විදිහට තමන්ගෙ scripts හදාගන්නව. මේවගේ කෙනෙක් system එකකට යම් හේතුවකට හොරෙන් ඇතුලු වුනත් හොයන එක ලේසි නෑ. මොකද එයාල expert. They can break into systems and hide their tracks or make it look like someone else did it. මේ තත්වෙට එන්න නම් ටිකක් දඟලන්න ඕනෙ.

Hacking ඉගෙනගන්න ආසාවෙන් ඉන්න තාම කිසිම දැනුමක් නැතිව ඉන්න අයට කියන්න තියෙන්නෙ නිකන්ම නිකන් scrip kid කෙනෙකුට වඩා එහාට යන්න බලනවනම් එහෙන් මෙහෙන් උස්සන tools use කර කර ඉන්නෙ නැතිව programming languages ටිකක් ඉගෙන ගන්න බලන්න. ඕනෙම කෙනෙකුට පටන් ගන්න ලේසිම එක HTML, එතනින් එහාට C වලින් පටන් ගන්න. Linux OS එකත් එක්ක familiar වෙන්න බලන්න. ඒකට හේතු 2ක් තියෙනව.
1. Internet එකේ තියෙන servers මිලියන ගානක් run වෙන්නෙ Linux OS එකෙන්.
2. හුඟක් hacking tools run කරන්න පුලුවන් Linux වල විතරයි.

හරි. මේ post එක මෙතනින් ඉවර කරනවා. Hacking Category එක යටතේ ඉස්සරහට Network Hacking, Wireless Hacking, Windows Hacking, Web Hacking පිලිබඳ ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව. සියල්ලම අධ්‍යාපනික අරමුණු සඳහා පමණයි.
මන් මෙන්න මෙතනින් තමා අද්දෙ ...  http://www.usgunawardena.blogspot.com/  ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා දැම්මා. . . ‍YB_Production...


වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? කැමතිනං බලන්න!

ඔන්න දෙන්න යන්නේ පස්ට දෙයක්. සමහර අයනම් දන්නවත් ඇති. මේ දෙන්න යන්නේ වින්ඩෝස් රෙජිස්ටර් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න විදිහයි.වැඩි කතා බතා නැතිව කඩ්ඩෙන් පොඩ්ඩක් දීල වැඩේ කරන හැටි බලමු.
වින්ඩෝස් රෙජිස්ට්‍රිය (windows registry) කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල සැකසුම නැත්නම් අපේ සිංහලින් කිව්වොත් සෙටින්ග්ස් සහ ඔප්ෂන් පිළිබද ඩේටා බේස් එකක්(දත්ත සමුදායක්). පද්ධතියට ඉන්ස්ටෝල් කරල තියෙන සොෆ්ට්වෙයාසහ ඒයායේ සෙටින්ග්ස් ගැන තොරතුරැ තියෙන්නේ රෙජිස්ට්‍රියෙයි. ඒ වගේම පද්ධතියට ඉන්ස්ටෝල් කරල තියෙන දෘඩාංග (හාඩ්වෙයාර්) ගැන විස්තර තියෙන්නෙත් මේ රෙජිස්ට්‍රිය ඇතුලෙමයි. විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය ඩෙස්ක්ටොප් එකෙන් පෙන්වන හැටි නැත්නම් යූසර් ඉන්ටර්ෆේස් එකෙහි අතර සම්භන්ධතාව සාදන සියලුම විධාන තියෙන්නේ මේ රෙජිස්ට්‍රියෙයි. රෙජිස්ට්‍රිය ස්ටාර්ට් මෙනුව සහ ටාස්ක් බාර් එක වැඩකරන්නේ කොහොමද; මෙහෙයුම් පද්ධතිය ආරම්භ වෙන්නේ කොහොමද; යන කරැණු තීරණය කරයි.
රෙජිස්ට්‍රිය අපිට ඕන විදිහට වෙනස් කිරීමෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය අපට ඕන තාලයකට හදා ගන්න පුලුවන්. ‘ හැකිංද රෙජිස්ට්‍රි ‘ කියල හදුන්වන්නේ මේකම තමා. හැබැයි මෙහෙම නම තිබ්බට මේ වැඩේ කරන එකනම් නීති විරෝධි වෙන්නෙ නෑ. රෙජිස්ට්‍රිය වෙනස් කිරන්න ක්‍රමනම් ගොඩක් තියෙනවා. ඒවගෙන් සමහර ක්‍රම මගින් මුලු මෙහෙයුම් පද්ධතියේම ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය ගැන කියවෙන තොරතුරැ හැමදෙයක්ම රෙජිස්ට්‍රිෙය් තියෙන හින්දා රෙජිස්ට්‍රිය වෙනස් කිරීම  සීරැවෙන්, හොද අවබෝධයක් ඇතිව කරන්න ඕනි. එහෙම උනේ නැත්නම් මෙහෙයුම් පද්ධතිය පිස්සු නටන්න පටන් ගන්නවා. එක්කො මුලුමනින්ම බිද වැටෙනවා. ඒ හින්දා රෙජිස්ට්‍රිය වෙනස් කරන්න ඉස්සෙල්ලා ඒ වෙනස් කරන්න හිතාන ඉන්න කොටස බැකප් කරන එක ඇගට ගුණයි. මොකද වැරැද්දක් උනොත් ඒක ආයෙත් බැකප් එකෙන් හදාගන්න පුලුවන් හින්දා.
හරි එහෙනම් කරන වැඩ කිඩ බලමු!

රෙජිස්ට්‍රියට යන හැටි (පිවිසෙන හැටි)
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ රෙජිස්ට්‍රියට පිවිසෙන්න start --> Run තුලින් Run ඩයලොග් බොක්ස් එක ලබාගෙන ඒක ඇතුලේ Regedit.exe කියල සදහන් කරලා ok කරන්න. හැබැයි සෙවන් වල මේ ක්‍රෙම් කරන්න වෙන්නේ සර්ච් බොක්ස් එකේ Regedit.exe කියල ටයිප් කරලා ඒ එන එක ක්ලික් කරලා අවසර දෙන්න යස් කියලා. රෙජිස්ට්‍රිය ඕපන් උනාට පස්සේ පෙනෙයි ඒක සාමාන්‍ය වින්ඩෝස් එක්ස්ප්ලෝර වින්ඩෝ එක්කට සමානයි කියලා.  ඒකෙ මයි කම්පියුටර් යටතේ ෆෝල්ඩර් ආකාරයට අනික් කොටස් වර්ග කරල තියෙනවා.(01 රෑපය)( https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVgczkeyzfIeC_GeEUnZzQBo1I2exeLMFIFQY6WmcjFJ9NvdG157X6INzuZDQQ9L1sOpzOuYwwtIIlMXO5_6WAgt-vnOnbLIds6OIyJY-gXa4aXk7HkxEEm7HvtvGdQ0RKm8OyDolT2NA/s1600/1.PNG)

මේවගෙ ඉදිරියේ (+) ලකුණු ක්ලික් කරපුවහම අදාල ෆෝල්ඩර් එකේ අනු කොටස් බලාගන්න පුලුවන්. විස්ටා වලයි සෙවන් වලයි නම් මේ (+) පෙන්නන්නේ ඊතලයක් විදිහටයි. ඒ අනු කොටස් එක එක මත ක්ලික් කරොත් දකුණු පැත්තෙ තියෙන කවුලුවෙන් ඒකෙ තියෙන ඒවා බලාගන්න පුලුවන්. ඒත් මේ එකිනෙකට තියෙන කොටස් මොනවද කියල හරියටම දන්නෙ නැතිව වෙනස් කරන්ඩ ගිහිල්ලා කෙලවගන්නවා එහෙම නොවෙයි ඕං. එහෙනම් අපි වැඩවලට බහිමු.

වින්ඩෝස් ආරම්භයේදී ලොග් නෝට් එකක් දිස්වීමට සැලැස්වීම
රෙජිස්ට්‍රි‍යේ පොඩි වෙනස්කමක් කරල වින්ඩෝස් ආර්ම්භයේ වෙල්කම් තිරය තුලදී යම් කිසි නෝට් එකක් දිස්වෙන ආකාරයට අපිට හදාගන්න පුලුවන්.එහෙනම් ඒක කරන්නෙ කොහොමද කියල බලමු.
මේ සදහා HKEY_LOCAL_MACHINE කියල තියෙන ෆෝල්ඩර් එක ඉස්සරහින් තියෙන (+) ලකුණ හරි ඊතලය හරි ක්ලික් කරන්න.(02 රෑපය)( https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0LpvfbSgOQ41wBwUj-61k_JoVO5SRtugitCu_k8dl_kvT3xo8NAc904MBNMaFf0hrSFd4mJmYQ6CD_JrbQ5KpOfzgOByl0hS6rKQgEnZj-4wGhkq1PrfJhxdnAbxGl054jc0DwHgavLg/s1600/2.PNG)

 එවිට ලැබෙන කොටස් වලින් පිළිවෙලින් SOFTWARE කියන එක ඉදිරියේ තියෙන ධන ලකුණ හෝ ඊතලය ක්ලික් කරන්න. ඒකෙ තියෙන MICROSOFT කියන එක ඉස්සරහ තියෙන ධන ලකුණ හෝ ඊතලය ක්ලික් කරන්න. ඊට පස්සේ ලැබෙන Windows කියන එකේ ඇතුලෙ තියෙන Current Version යන්නෙහිත් ඉදිරයෙන් තියෙන (+) ලකුණ හරි ඊතලය හරි ක්ලික් කරන්න. එතකොට ලැබෙන  Polices යන්න ඉදිරියේ ඇති (+) පකුණ හරි ඊතලය හරි ක්ලික් කරන්න. ඊටපස්සේ ඒකෙ ඇතුලෙ තියෙන System කියන එක තෝරන්න.(03 රෑපය)( https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDe8QlRosjfVQ2OO7sgPUdPryI6UCs8Eo2ZMzITTRti1mCdMWyek-R-GXXjCgn6v5abpQ0I4yeAhfn-Y9AF00xZJmKa3J4wquFgY7iodgNDqKAz5h0kh7NLMOrWtxBfRpO0V6-8UjJOjU/s1600/3.PNG)

  System  කියන එක තෝරලා තියෙද්දී දකුණු පැත්තේ තියෙන කවුලුවෙන් ඒකට අදාල ෆයිල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි. (04 රෑපය)( https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjU0CbeGe6AHNQLexcROC1E-UP9Hbp6UHm3N6E0BwFgcHB1hqlyaM4gcEyiMKC4VFN20my3o6lMKtHzBmbr7CMKsuoJVWlUnenHuKplM7yY-sCl3EdOmmVbGp_ueMAjVI86l9I4WYTpAk/s1600/4.PNG)

දැන් ඔයාගේ ලොග් නෝට් එක ඇතුලත් කරගැනීම සදහා ඒකෙ තියෙන ඒ කියන්නේ දකුණු පැත්තේ කවුලුවේ තියෙන legainoticecaption කියන එක ඩබල් ක්ලික් කරන්න. එතකොට Edit String කියල ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒකෙ තියෙන Value Data කියන තැනට ඔයාගේ නෝට් එකට අවශ්‍ය මාතෘකාවක් දීල OK කරන්න. (05 රෑපය).( https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCW2YZh7pXOi-Ex1i3-ZVd0uA4HAtGomk2aZLl9BfkfL6JmO2Lcko0ZVKVxe1JOyGakGWIanSZ1vSFAZAbzBja_5DH36Pmmu92qunI9iK70LNac7gpVnFQlYVU9OY2QbqblmEb5TdLpwI/s1600/5.PNG)

 ලොග් නෝට් එක සැකසීම සදහා මෙකෙ තියෙන legalnoticetext කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න. එතචකොට Edit String ඩයලොග් බොක්ස් එක එනවා. ඒකෙ තියෙන Valur Data කියන තැනට ඔයාගේ ලොග් නෝට් එක සදහන් කරන්න.ඊට පස්සේ ඕකේ කරන්න.(06 රෑපය)( https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkYRI3FcBHL0GFFcpZPmhzGPghu8Fd8Z9nY1Iv8dPeX6DJSboh5fuZWQjtneLCbx4NzXDgWIi5qQnX6wIJtkZlM1HxKVjJmioZwP1bK8GHiFgdGPixdP8I0WWsc6N7KkhReb-jASZLSjM/s1600/6.PNG )

අවසානයේ කම්පියුටරේ රීස්ටාර්ට් කරන්න. මම කියල තියෙන විදිහට හරියටම කරානම් අදාල ලොග් නෝට් එක කම්පියුටරේ ලොගින් ස්ක්‍රීන් එකේ බලාගන්න පුලුවන් වෙයි. 


Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..

ඔන්න මම අදත් ආවා අලුත් වැඩක් අරගෙන :)
කො ඉතිං කස්ටිය එන්න අලුත් දෙයක් ඉගෙන ගන්න..


මේකයි වැඩෙ..
මේක උපසිරස සම්බන්දව සීන් එකක් (ඔව් ඔව් සබ්ටයිටල් තමයි)


දැන් ගොඩක් අය අසිමිත ජාල පහසුකම ගන්නෙ ඔය ෆිලිම් බාන්නනෙ :D
එහෙම ලේසියට බාගෙන බාගෙන ගියාට සමහරුන්ට බලන්න වෙලාවකුත් නැ.
ඉතිං
ඔහොම බාන ෆිල්ම් වලින් ගොඩක් එව්වා ඉංගිරිසි.. නෙ!
කට ඇරගෙන බලාගෙන හිටියට අපට ඇහෙන්නෙ
ශකබක ශොරබොර ගානවා වගෙනෙ  උන් කතා කරන එව්වා ;)


ඉතිං ඕකට විසදුමක් නෙ උපසිරස :) කියන ජාතිය
ඒක ගැන ඉතිං කියලා දෙන්න දෙයක් නැ නෙ (ලොකු ලමයිනෙ මෙතන ඉන්නෙ)


සබ්ටයිටල් නම් ඉතිං බාගන්න ඇහැකි නෙ :)
(මේකා කියාවි බාන්න ගියාම එපා වෙනවනෙ )


එපා වෙනවා කියන්නෙ ෆිල්ම් බලන්න හිතෙන්නෙත් නැ..


සබ් බාන්න ගියාම,සබ් තියෙන සයිට් එකට


ඇඩ් ලෝකයක්,
තැන් 5,6ක ක්ලික් කරන්න වෙනවා :/


එහෙම කට්ටක් කාලා බාගත්තට පස්සෙ,
බාගත්තු ෆයිල් unzip කරන්න වෙනවා
ඊට පස්සෙ rename කරන්න වෙනවා. (අපොයි ෆිල්ම් එකම බාන්න ඇහැකි ඔයිට කලින්) :D



මම අද කියන්න ආවෙ ඔය ජරමර වලට විසදුමක්..
සබ්ටයිටල් ලේසියෙන් හොයාගන්න :)


බාන්න කලින් දාලා බලලා ගන්නත ඇහැකි


මෙකත් පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් :D
එහෙනම් මෙන්න මුලින්ම බාගන්නකො
http://www.mediafire.com/?4csmcm1fch9dn69


දැන් බාගෙන එහම ඉවර නම්
ඔබ්බන්න සෙටප් එක උඩ (ඩබල් ක්ලික්)
(භාශාව තොරගන්න,ok-->User agreement,next-->
ඔහොම next කිපයක් දිගට දුන්නම හරි එපාර ඉන්ස්ටෝල් වෙලා dos වලින් මොනාද
වගයක් යනවා ඒකටත් යන්න දෙන්න..
(පහලින් තියෙන්නෙ එ ෆොටො එක)

 dos වලින් ගිහින් ඉවර උනාට පස්සෙ finish කියලා බටන් එක එනවා.(ඔබලා දාන්න)


එහෙම එබුවම එනවා සොෆ්ට්වෙයාර් එක ලෝඩ් වෙන එක :D
ලෝඩ් උනාම ආයෙ එනවා බාශාව තෝරන්න :D (එකත් තොරන්න)next කරන්න
දැං එන්නෙ view එක තොරන්න, මම තොරගන්නෙ standard view එක (next ඔබන්න)


ඊට පස්සෙ එන්නෙ subtitels ඔනෙ බාසාව. (මම නම් තොරන්නෙ english)


 next කරන්න..


ඊට පස්සෙ එන්නෙ
*none
*Windows Media Player කියන එක ( මම නම් none දාලා යනවා)
<පහලින් කියලා දෙන්නම් ඇයි කියලා>
next ඔබන්න


දැං එන වින්ඩො එකෙ තියෙන හැම එකටම්  tick කරන්න :D

දැන් ඔබන්න finish


හරි වැඩෙ භාගයක් ඉවරයි... :D


දැං එන්නෙ මෙහෙම වින්ඩො එකක්


 හරි නෙ දැන් ඔබන්න මුලින්ම තැබිලි පාටින් තියෙන option කියන එකට
එකෙ තියෙන settings කියන එක ඔබන්න


වම් පැත්තෙ ඇති
External Application for video playback
කියලා එකක් අන්න එක ඔබන්න,
එබුවම එනවා දකුනු පැත්තෙන්


Video application
Location
Paramerers
කියලා තැන් 3ක්


හරි දැං මුලින්ම Video application කියන එකට දෙන්න
එක්කො wmp එක නැතිනම් custom


මම දෙන්නෙ custom, (මොකද මම wmp එකෙන් වැඩ කරන්නෙ අඩුවෙන්)

 custom දුන්නු අය ඊලගට
locataion එක විදියට
කැමති  player එකක් දෙන්න (install කරපු තැන තියෙන exe එක)


දැන් ඔක්කොම හරිනම් ඔබන්න වම් පැත්තෙ උඩින් තියෙන
save and apply changes කියන එක (floppy disk ලකුන)
success කියලා හරි වැටෙයි :D


දැන් ආයෙ ඔබන්න Search subtitles කියන එක
(ආයෙම එන්නෙ ඔපෙන් කරාම තිබුන විදියට)


1.දැං choose කරලා ඔයාගෙ film එක තොරලා දෙන්න..
 (‍xvid කියන තැනට කොල පාට හරියක ලකුනක් ආවොත් ඒක ඔබන්න)


2.දැන් criteria for manual search කියන තැන
බලන්න ඔයාගෙ ෆිල් එකෙ නම හා වර්ශය auto ගන්නවා
ඒ එක්කම suggest තියෙද කියලත් බලනවා.
suggest තියෙනම් ක්ලික් කරලා එන්ටර් කරන්න :)


3.දැන් උඩ step හරි නම් ඔබන්න Search subtitle කියන එක

 දැං පහලින් එනවා සබ් ටික  හොයලා ගත්තු :D


දැන් බලන්නකො ඔය search list එකෙ තියෙන result එකක් උඩ raight click
කරලා,play with audio with subtitle කියන එක ඔබන්න


 සමහර විට registar වෙන්න වෙයි :) (පොඩි දෙයක් රෙග් වෙන්න)
සමහර විට එක ඇඩ් එකක් යාවි  තප්පට 5ක්
(fb like ඒකක් වගෙ)
ඒකත් ඔබලා දන්න :) පොඩි උදව්වක් දෙන්න එ අයටත්



එහෙම ඇඩ් එක එබුවම ඔයාලා තෝරපු player එකෙන් ෆිල්ම් එක ඔපෙන් වෙයි


දැන් බලන්නකො සබ් එක හරියට ගැලපෙවනවද කියලා..
(ගැලපෙන්නෙ නැතිනම් පහලින් තියෙන result චෙක් කරන්න )


සබ් එක ගැලපුනා නම්
ගැලපුන සබ් එක උඩ right click කරලා download subtitle කරන්න


හරි දැන් බලන්න කො ෆිල්ම් එක බාපු තැනට ගිහින්
අපි බාපු සබ් එක unzip වෙලා rename වෙලා ඔක්කොම හරි බලන්න විතරයි තියෙන්නෙ :)



හම්මෙ මෙ ලොකුවට මෙහෙම තිබ්බට වැඩිය දෙයක් නැ හොදෙ හරි සරලයි :)
ඔයාලත් ට්‍රයි කරලා බලන්නකො :)



ලිව්වෙ:- තොප්පියා


Bootable USB එකක් හදන හෑටි!

අපේ කස්ටිය ඔය ISO දෙනව download කරගන කරගන්න කියල. ඔහොම burn කරන්ඩ කොහෙ තියෙන CD/DVD ද? ඕකට හොදම දේ තමා bootable USB එකක් හදා ගන්න එක. මෙන්න මෙහෙමයි පියවර,
http://sourceforge.net/projects/unetbootin/files/UNetbootin/549/unetbootin-win-549.exe/download මේක බා ගන්ඩ.**සේරටම ඉස්සරවෙලා USB එක FAT32 වලින් format කර ගන්ඩ ඔනෙ නෑතතන් එක bootable වෙන්නෙ නෑ නෙවෑ නේ ද?**

ඕක download කරගත්තට පස්සෙ run කරන්ඩ.
  • 1) ඔය පලවෙනි තෑන OS එක select කරන්ඩ
  • 2) ඔය ඒකට එහාඉන් තියෙන version එකත් select කරන්ඩ
  • 3) ඔය පහලින් තියෙන dropdown menu එකෙන් ISO කියන selct එක කරන්ඩ
  • 4) එක පත්තෙ තියෙන තනින් ISO file එක browse කරල open කරගන්ඩ
  • 5) Type කියන තෑනට USB Drive කියල ඩෙන්න
  • 6) Drive එක සෙලෙcට් කරන්ඩ
  • 7) කරල බලාගෙන් ඉන්ඩ...................................

ඉවසීමෙන් සෑනසීම ලෑබේ!! ආයුබො..පොටෝ දාන්න option එකක් නෑහෑ. සෝ සොරිම තමා!! නෝ ස්කිරින් සොට්ස්

මගෙ කුලුදුල් post එක Online හෙල්ප් එකේ!!! දන්නකො බලන්ඩ කොමෙන්ට් එකක්.


ඔන්න තොමේලගෙන් පොඩි බඩ්ඩක් හොඳේ........

ඔන්න ඉතින් මේක කියවලා කට්ටිය කියන්ඩ එපා අපි ඔව්වා දන්නවා.... ඔව්වා සුලු වැඩනෙ කියලා ඉතින්...........

අපි දෙන්නා මේ ලිපිය ලියන්නෙ.. කොම්පියුටරේ දැන් ස්ලෝ වෙලා ඉන්ටර්නෙට් ස්ලෝ වෙලා කියලා කුටු කුටු ගාන අයට ඩිංගිත්තක් විතර ඔය කියපු එව්වා ස්පීඩ් කොරගංට.........

  • මේ වැඩේ ඉතාම සුලු වැඩක්......  ඔයාලට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මෙන්නෙ මේ ලින්කුවෙන් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්ට.... ඒකෙ නම තමයි  CCleaner 
ඔන්න ලින්කුව.... http://www.filehippo.com/download_ccleaner/

  • ඔය සොෆ්ට්වෙයාර් එකෙන් කොරන්නෙ ඔයගේ කොම්පියුටර් එකේ සේව් වෙලා තියෙන අවශ්‍ය නැති එක එක හුට්ටප්පර මකලා දැමීමයි..... උදාහරණයක් විදිහට ගත්තොත් ඔය :-
     temporary files
     internet history
     cookies වැනි දේවල්...............

  • දැන් අර බාගත්තු සොෆ්ට්වෙයාර් එක කොම්පියුටරයට ඉන්ස්ටෝල් කොරගන්ටකො...........

  • දැන් ඒ ඉන්ස්ටෝල් කොරපු සොෆ්ට්වෙයාර් එක ඔපන් කොරලා ඔයාට උවමනා නැති  එව්වට ටික් එකක් දාලා  Run  Cleaner  කියලා තියන බට්න් එක ක්ලික් කොරන්ට.....
මේ වැඩෙන් ඉතින් ඒ හැටි ස්පීඩ් එකක් එන්නෙ නැහැ..... ඩිංගිත්තක් විතර ස්පීඩ් වෙනවා.........




                                                                                            කෙටුවේ :-  තොමේ සහෝදරයෝ.........


අපිට කැමති විදියට Game Cheat කරමුද?

හපොයි!!! ගොඩක් අය නොදන්න දෙයක් මේක Game Cheat කරන්න අපිටම කරන්න පුළුවන් ක්‍රමයක්...සමහර Game වල trainer හොයා ගන්න අමාරැයිනේ...ඉතින් බලන්න මේක දන්නවද කියල....


 1. මුලින්ම http://www.brothersoft.com/tsearch-206919.html  එකෙන් T Search Software එක Download කරගන්න...

2. Extract කරගත්තා කැමති තැනකට.

3. T Search Open කරගත්තා.එකෙන් Open Process තෙරැව...අපේ Game එක තේරැව

4. එකෙ තියනව පොඩ් Init New Search කියල පොඩි අත් කාචයක ලකුනක්..එක ක්ලික් කලා
     එතනින් තොරන්න තියනව තව Option ටිකක් බොහොදුරට Default 4bytes තමා Search කරන්න ගන්නේ.

5. දැන් Game එකට ගියා..අපි හිතමු Health එක 50 විතර කියල..එහෙමම Game Pause කරල
    New Search එකට එ ගාන දිල Search කරනව..එතකොට ගොඩක් පෙන්නනව ලිස්ට් එකක් එකම  Value එකෙන්...පස්සේ Game එකට ගිහින් තව එකක් 2ක් කාල Health 45 විතර බස්ස ගෙන ආපහු  T Search ඇවිත් Init New Search මේහායින් තියන - ලකුනක් එක්ක පොඩි අත් කාචයක ලකුනක් එක ක්ලික් කලා අලුත් Value එක දිල Search කලා.

6. එතකොට අපිට ඔනි Value එක ඉතිරි වෙනව..එක කැමති විදියට Edit කරගෙන Use කරන්න පුළුවන්...

ඔය විදියට ඔනිම Value එකක් වෙනස් කරගන්න පුළුවන්


Virus! Virus!... අනිවාර්යෙන් කියවන්න

අතිශයින්ම වැදගත්...

 දැන් ඉතිං කස්ටිය දන්නවනෙ මෙ ගෲප් එකෙ සාමාජිකයො සැහෙන පිරිසක් ඉන්නවා නෙ,
ඒක නිසා ගොඩක් අය මෙ ගෲප් එක හරහා ඒ අයගෙ අනියම් අවශ්‍යතාවන් ඉටු කරගන්න හදනවා.

 උදාහරණ විදියට,

 Fan Page, සමහර අයගෙ Blog සයිට්, පබ්ලිශ් කරගන්න හදන්නෙ..
(ජනප්‍රිය වෙන කොට ඕවට මුහුන දෙන්න වෙනවා නෙ )

 ඔය ෆැන් පෙජ් අනම් මනන් වලින් නම් ඉතිං වැඩි ප්‍රශ්නයක් නැ,

 දැන් මුහුන දෙන්න වෙලා තියෙන දරුනුම වැඩෙ තමයි  Virus ප්‍රශ්නෙ...

 මෙ වගෙ ගෲප් එකක් ජනප්‍රිය වෙනකොට ඒකෙන් අනියම් ලෙස ප්‍රයොජන ගන්න සැහෙන්න පිරිසක්
ඉන්නවා..
සමහරු මෙ ගෲප් එකට මඩ ගහන්න අර අදිනවා.. (ඉරිසාව අපිට නවත්වන්න බැ නෙ)


ඔය වගෙ ඉරිසියාවට virus බෙදන අය අපි නිරීක්ශනය කරලා
ඒ වගෙ කිහිප දෙනෙක්ම අපි මෙ ගෲප් එකෙන් අයින් කරලා දැම්මා, (සාක්ශි ඇත)
මොකද,
මෙ ගෲප් එකෙන් උදව්වක් ගන්න එන අනිත් අයගෙ ආරක්ශාව ගැන හිතලා.


අපි කොච්චර මහන්සිවෙලා ඔය දෙ කරත් හිස් තැන් තියෙන්න පුලුවන්,
ඒක නිසා මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම් වයිරස් වලින් බේරෙන්න...


 දැන් ඕගොල්ලො මොනවා හරි බැවට පස්සෙ,
ඒක scan කරලා බලලා නෙ install කරන්නෙ :)


එහෙම කරත් සමහර වෙලාවට අහුවෙන්නෙ නැතිව තියෙන්න පුලුවන්..
ඒක නිසා
තියෙනවා පොඩි පිලියමක්
එක වයිරස් ගාඩ් එකකින් නෙවෙ virus Gurad 50 කින් විතර එකපාරට
scan කරලා දෙන සේවාවක් දෙන Site එකක් තියෙනවා...


කොහොමොද වැඩෙ...
(install කරන්න දෙයක් නැ Online scan වෙන්නෙ)


කිසි වදයක් නැ..

 හරි එහෙනම් මුලින්ම යන්නකො මෙතනට

 http://www.virustotal.com/


ගියාම එන්නෙ මෙවගෙ වින්ඩො එකක්



හරි දැන් ඕහොම ආවම
ඔබන්න Choose File කියන එක,


Choose file කියන තැන ඔබලා ඔයාලට සැක, scan කරන්න අවශය ෆයිල් එක තෝරන්න.


හරි එහෙනම් එහෙම තෝරගත්තට පස්සෙ
ඊට පහලින් තියෙන send file කියලා බටන් එකක්
අන්න එක ඔබන්න


එහෙම එබුවම එ file එක upload වෙනවා මෙන්න එතකොට මෙ වගෙ පේනවා.

Chrome වල නම් වම් පැත්තෙ යටින්ම upload වෙන ප්‍රමාණය පෙන්වනවා..



දැන් එහෙම upload වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගලගෙන් අහනවා
Reanalyse කරන්නද Report එක පෙන්වන්ද කියලා,


ඔබන්න view Report ඔබන්න..


කොහොමද දැන්...
වයිරස් ගාඩ් කීයකින් scan වෙලාද..
වයිරස් ගාඩ් 41 කින් scan වෙලා නෙ (මගෙ නම් එහෙමයි)


ඔකෙන් තියෙන කුනුජරාව ඔක්කොම පෙන්වනවා...
 මෙන්න ලින්කුව මම ගත්තු Report එකෙ

 http://goo.gl/X0IdV

එහෙම නම් ඔයාලට සැක හිතෙන ඒවා install කරන්න කලින් scan කරලා බලන්න.



වාසි:- virus Guard බොහො ප්‍රමානයකින් scan වෙන නිසා වයිරස් වලට බේරි යාමට තිබෙන ඉඩ අඩුය.
        අවාසි:- මෙමගින් scan කිරිමට පුලුවන් 20MB හො විස්සට අඩු ෆයිල්,
      upload වීමෙ වේගය ඔබෙ ISP මත රදා පවති.





ලිව්වෙ:-තොප්පියා

මගෙ අදහස ලියන්නම් අන්තිමෙදි..
ඔය සයිට් එකෙ මොන අවාසි තිබුනත් පට්ටම සර්විස් එකක් දෙනවා ඔය සයිට් එකෙන් :)


අන්තර්ජාලයේ පොත් කඩ දන්සැල්...>>

කියවීමට කැමති ඔබ වෙනුවෙන් අන්තර්ජාලයේ පොත් පත් හා පොත් නොමිලයේ ලබා දෙන වෙබ් අඩවි දහස් ගනනක් තිබෙනවා.මේවාට පිවිස ඔබට පොත් ඊ බුක් ආකාරයට බාගෙන කියවිය හැකිය..


ඇමසෝන්.කොම් (www.amazone.com) මෙය අන්තර්ජාලයේ විශලතම පොත් අලෙවි සැලකි.අලුත්ම පොත් මෙමගින් ඔබට ලබා ගත හැක්කෙ එ සදහා යම් මුදලක් ගෙවීම තුලිනි..


අපි බලමු නොමිලයේ ඊ බුක් බාගත කල හැකි ජනප්‍රියතම වෙබ් අඩවි 20 මොනවාද කියා..>>>>>

1. www.freebookspot.com
2. www.4ebooks.com
3. www.Free-ebooks.com
4. www.manybooks.com
5. www.Getfreeebooks.com
6. www.Freecomputerbooks.com
7. www.Freetechbooks.com
8. www.scribd.com
9. www.Globusz.com
10. www.Knowfree.com


11. www.Onlinefreeebooks.com
12. www.Memoware.com
13. www.Blueportal.com
14. www.Snipfiles.com
15. www.Bookyards.com
16. www.Theonlinebookpage.com
18. www.Asksamebooks.com
19. www.Baenfreelibrary.com
20. www.Ebooklobby.com

දක්වා ඇති සයිට් වලට පිවිස ඊ බුක් බා ගත කර ඔබ සතු දැනුම වැඩි කරගන්න...


එකම නමින් තියෙන Duplicate File හොයන හැටි

මොකද්ද මේ?
අපේ කොම්පියුටර් එකේ අපිත් නොදැනුවත්ව එකම File එක Hard එකේ තැන් කීපයක තියෙන්න පුළුවන්. ඒක වෙන්නෙ ගොඩක් වෙලාවට අතපසු වීමෙන්.

ඉතින් මං මේ දෙන්න යන ටූල් එකෙන් අපිට පුළුවන් එකම File එක ,  File name 2කින් තිබුණත් හොයා ගන්න.
හොයා ගෙන ඕන නම් delete කරන්නත් පුළුවන්.
මේකෙන් තියෙන ලොකුම වාසිය Hard එකේ ඉඩ ඉතිරි කර ගන්න පුළුවන් එක.
අනවශ්‍ය විදියට එකම delete එක 10 පාරක් උනත් අපි නොදැනුවත්ව තියෙන්න පුළුවන්

බා ගෙන බලල ගුණ දොස් ලියන්නකො..

  • මෙන්න ලින්කුව
http://www.mediafire.com/?bfhq7f1af68kf5q






මම Darshana Wimukthi.
(http://blogpituwa.blogspot.com/)


අපේම laptop එකෙන් WiFi hotspot එකක් හදාගමු!

අපේ යලුවෙක් ප්‍රශ්නයක් අහල තිබ්බ කොහොමද wifi hotspot hadanne කියල, ඉතින් එතන reply එකක් දනවට වඩා methana post එකක් දාන එක හොදයි කියල හිතුන.

මෙන්න මෙහෙමයි වෑඩේ,

1) කස්ටිය මෙන්න මේක බාගෙන ඉස්තාපනය (install) කරගන්ඩ ඔනෙ

http://download.cnet.com/3001-18508_4-75024171.html?spi=b521c0f69a1a280b4e4619edeefcad2b&part=dl-10061477

2) ඊට පස්සෙ ඔන්න ඔය button එක උඩ right-click කරල wizard කියන එක  click කරන්ඩ


3) Click Next

4) User name එකක් දෙන්ඩ.


5) එක දුන්නනම් password එකකුත් දෙන්ඩකො. *password එකක් දෙද්දි මේ වගෙ හෑම එකක්ම තියෙන එකක් දෙන්ඩ එතකොට crack කරන්ඩ අමාරුයි*


6) මෙතනින් ඔයලට ඔන එක select කරන්ඩ.


7) දන් ඉතින් පිනිශ් කරන්ඩ.

8) ඊට පස්සෙ මෙන්න මෙහෙම පෙන්නනයි. ඒ කිව්වෙ වෑඩේ ගොඩ.


9) දෑන් ඉතින් ඕන WiFi enabled device එකකින් ඔයා හදපු hotspot එකට ලොග් වෙන්ඩ තමා තියෙන්නෙ.


Happy browsing.
Post by  -SaNga-


Share:
Twitter Delicious Facebook Digg Favorites More