Friday, June 17, 2011

QR Codes

මොනවද QR Codes මේ කියන්නෙ? අපි web site එකකට යන්න click කරන්නෙ hyperlink එකක්. මේ QR Codes වලින් hyperlink එකක් hardlink එකක් විදිහට හදන්න පුලුවන්. ඒ කියන්නෙ hyperlinks භොතික මතුපිටක සටහන් කරන්න පුලුවන් ක්‍රමයක්.

            බැලු බැල්මට තිත් ගොඩක් වගෙ පෙනුනට මේකෙ 2kb විතර දත්ත ගබඩා කරන්න පුලුවන්. URL ලිපිනයක් නැත්නම් වාක්්ය කිහිපයක් උනත් මේකෙ ගබඩා කරන්න පුලුවන්. QR Code එකක් යනු සැබවින්ම තොරතුරු රදවා තබන 2D මොඩියුල් සමුහයක්. මේ QR Code එකක වර්ගඵලය 1mm2 විතර වෙනව. Barcode එකක තොරතුරු රදවා තබන්නෙ තිරස් අතටයි. එහෙත් QR Code එකක තොරතුරු සිරස් අතටද රදවා තබන්න පුලුවන්. QR Code එකක ඉලක්කම් නම් 7089ක්ද අකුරු නම් 4296ක්ද රදවා තබන්න පුලුවන්. ඒ සාමන්්ය කඩදාසියක ලියන තොරතුරු ප්‍රමානයට වඩා වඩි ප්‍රමානයකි. Barcode පරයා QR Codes ජනප්‍රිය විමට හේතුව එයයි. මේවගේ ඈති තවත් විශේශ ලක්ශනයක් වන්නේ ඉක්මනින් කියවිය හෑකි විම සහ ස්වයන්ක්‍රීයව දුවිලි වෑදී, ඉරි අදී ගිය කොටස් ද නෑවත කියවා නිවෑරදි කර ගනීමට(Self Recover) හෑකි වීමයි. අනෙක් ලක්ශනය වන්නේ මේවා Barcode මෙන් නොව, ඕනෑම අතකට හරවා කියවිය හකි විමයි. මේවා කියවීමට විශේස QR Code Scanners ඈතත් QR Code එකක චායාරූපයක් ගත් සෑනින් ඒවා කියවා දීමට ජන්ගම දුරකතන සමත්ය.ඒ සදහාම වෙන්වූ මෘදුකාන්ග ඇත. ඒවා ලබාගැනීමට links කිහිපයක් පහත දැක්වේ.

www.i-nigma.com
www.reader.kaywa.com

තවත් විස්තර ඕනෙනම් මෙතනින් කොටන්න.
http://rajithamadhawa.blogspot.com/2011/06/qr-codes.html


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More